කලල්පිටියේ මාරක රිය අනතුරින් දෙදෙනෙක් මරුට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කලල්පිටිය ප්‍රදේශයේදී අද (7) සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ඇතුළු දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ. වැලි පටවා ගත් ලොරි රථයක් සහ වෑන් රථයක් එකිනෙකට…
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කලල්පිටිය ප්‍රදේශයේදී අද (7) සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ඇතුළු දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
වැලි පටවා ගත් ලොරි රථයක් සහ වෑන් රථයක් එකිනෙකට මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බව පොලිසිය සඳහන් කරයි.
මෙම අනතුරින්බරපතළ ලෙස තුවාල ලැබුවන්න වතුපිටිවල රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී දෙදෙනෙකු මිය ගොස් ඇත.
මක්කානිගොඩ පදිංචිකරුවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර ඔවුන්ගේ වයස අවුරුදු 73 සහ 71 වේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1