අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කරූ රන්ජන්ගේ සුව දුක් සොයා බලයි

කරූ රන්ජන්ගේ සුව දුක් සොයා බලයි

රන්ජන්ට ජනපති සමාවක් ඕනෑ එක රටක්-එක නීතියක් තිබේ නම් රංජන් හිර බත් කයිද..? කොළඹ නව මැගසින් බන්ධනාගාරයට බදාදා (17) පැමිණි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා එහි…

රන්ජන්ට ජනපති සමාවක් ඕනෑ 

එක රටක්-එක නීතියක් තිබේ නම් රංජන් හිර බත් කයිද..?

කොළඹ නව මැගසින් බන්ධනාගාරයට බදාදා (17) පැමිණි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා එහි සිරගතව සිටින ප්‍රවීන සිනමා නළු රන්ජන් රාමනායක මහතා හමු වී ඔහුගේ සුව දුක් සහ අවශ්‍යතා පිළිබඳව කරුණු සොයා බැලීය.

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ද දෙපාර්ශවය අතර එහිදී කරුණු සාකච්ඡා වී ඇති අතර සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතාගේ දැඩි ස්ථාවරය වී තිබෙන්නේ රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාවක් ලැබිය යුතු බවය.

රන්ජන් රාමනායක මහතාගේ සුව දුක් සහ අවශ්‍යතා පිළිබඳව කරුණු සොයා බැලීමට පැමිණීමට පෙර කොළඹ දී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා මෙසේ අවධාරණය කර සිටියේය.

"රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව නොදීම ගැන අප කිහිප අවස්ථාවකදීම කරුණු ඉදිරිපත් කළා. ඔහුගේ මුළු කලා ජීවිතයම මේ වන විට විනාශ වෙමින් පවතිනවා. ඔහු නැවතත් අසනීප වී ඇති නිසා මැගසින් බන්ධනාගාරයට මාරු කර ඇති බවට වාර්තා වුණා. මහා පරිමාණයේ අපරාධකරුවන්ට ජනාධිපති සමාව දී තිබියදීත් රන්ජන් රාමනායක මහතාට ද සමාවක් දීම මිනිස් යුතුකමක් ලෙසත් එක් රටක් එක් නීතියක් ක්‍රියාත්මක කිරීමේ ආදර්ශයක් බවත් කියන්නට කැමතියි." 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කරූ රන්ජන්ගේ සුව දුක් සොයා බලයි | Lanka Newsweek