අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කරූගේ සෞඛ්‍ය සනාථයි-ගෝඨාගේ ප්‍රචාර අනාථයි..!

කරූගේ සෞඛ්‍ය සනාථයි-ගෝඨාගේ ප්‍රචාර අනාථයි..!

කරු ඒකාබද්ධයට පෙන්වයි තරු..! (සුමුදු පෙරේරා) කතා නායක කරු ජයසූරිය මහතාගේ සෞඛ්‍ය ඉතාම යහපත් වන අතර ඔහු අතිශය නිරෝගී තත්ත්වයේ පසු වන විශේෂඥ වෛද්‍ය වාර්තා පෙන්වා දී තිබේ. මේ බව හෙළි වූයේ සිය වාර්ෂික…

කරු ඒකාබද්ධයට පෙන්වයි තරු..!

කරූගේ සෞඛ්‍ය සනාථයි-ගෝඨාගේ ප්‍රචාර අනාථයි..!

(සුමුදු පෙරේරා)

කතා නායක කරු ජයසූරිය මහතාගේ සෞඛ්‍ය ඉතාම යහපත් වන අතර ඔහු අතිශය  නිරෝගී  තත්ත්වයේ පසු වන විශේෂඥ වෛද්‍ය වාර්තා පෙන්වා දී තිබේ.

මේ බව හෙළි වූයේ සිය වාර්ෂික වෛද්‍ය පරීක්ෂණය සඳහා කතනයක කරු ජයසූරිය මහතා කොළඹ,ආසිරි සර්ජිකල් පෞද්ගලික රෝහලට සිකුරාදා (13) පැය කිහිපයකට ඇතුළු වී සිදු කළ සුපුරුදු වෛද්‍ය පරීක්ෂණවලදීය.

ඒ අනුව කතානායක කරු ජයසූරිය මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බවට ඒකාබද්ධ විපක්ෂයේ ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයට සමීප මාධ්‍ය කණ්ඩායම් සැලසුම් සහගත ලෙස සමාජ මාධ්‍ය සහ අන්තර් ජාල වෙබ් අඩවි ඔස්සේ ගෙන ගිය ප්‍රචාර සියල්ල මේ වන විට සම්පුර්ණයෙන්ම අසත්‍ය වී තිබේ.

සිය වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව වඩාත් ජව සම්පන්නව කතානායක කරු ජයසූරිය මහතා අරලිය ගහ මන්දිරයේ සෙනසුරාදා(14) පැවති මුස්ලිම් ජාතිකයින්ගේ උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් විශේෂ කතාවක් කළේ ද අභාව ප්‍රාප්ත ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වමින් ඒ වැඩ කටයුතු පිළිබඳව සොයා බැලුවේ ද තමා මරණාසන්නව රෝහලේ සිටින බවට අමානුෂික,අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රචාර ගෙන ගිය දේශපාලන විරුද්ධවාදීන් මවිතයට පත් කරමිනි.

සිය සුපුරුදු වාර්ෂික වෛද්‍ය පරීක්ෂණය සඳහා කරු ජයසූරිය මහතා රෝහලට ඇතුළු වීමේ සිද්ධිය අල්ලා ගෙන ඔහුගේ සෞඛ්‍ය පිරිහී ඇති අතර ජීවිතය ද අවදානම්  තත්ත්වයක පවතින බව ඇඟ වෙන පරිදි මේ අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රචාර ගෙන ගොස් ඇත්තේ, 2020 ජනාධිපතිවරණයේදී ඔහු අභියෝගයක් හෝ තීරණාත්මක සාධකයක් වනු ඇති බවට ඒකාබද්ධ විපක්ෂය කර ඇති දේශපාලන ගණන් බැලීම් අනුවය.

දේශපාලන,ආර්ථික,සමාජ සහ සංස්කෘතික ඇතුළු රටේ සියලු ක්ෂේත්‍රයන්හී උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ බහුතර ජනයාගේ මතය වී තිබෙන්නේ රට වෙනුවෙන් හමුදා සේවයේ යෙදෙමින් ශික්ෂණය ලැබූ,  දුෂණ,වංචා සහ අක්‍රමිකතා වගේම අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති සියලු පාර්ශවයන් එකට ඒකරාශී කළ හැකි සිංහල බෞද්ධ එහෙත් සුළු ජාතීන්ගේ සහ ආගමිකයින්ගේ ද  අයිතීන් තහවුරු කරන සොඳුරු ආඥාදායකයකු රටට අවශ්‍ය බවය.

මේ ස්ථාවරයට අදාළව කලක් රට වෙනුවෙන් හමුදා සේවයේ ද යෙදී සිටී චරිත තුනක් කෙරෙහි ජන සමාජයේ අවධානය යොමුව තිබෙන අතර ඒ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ,ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ කතා නායක දේශබන්දු කරු ජයසූරිය යන මහතවරුන්ය.

කරූගේ සෞඛ්‍ය සනාථයි-ගෝඨාගේ ප්‍රචාර අනාථයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
කරූගේ සෞඛ්‍ය සනාථයි-ගෝඨාගේ ප්‍රචාර අනාථයි..! | Lanka Newsweek