කරූගේ මනුෂ්‍යත්වය ජාත්‍යන්තරය පවා අගයයි

කරූ නැවතත් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික සමුළුවේ තීරණයක් ආසියාවේ අභිමානය ජාත්‍යන්තරය යළි තහවුරු කරයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු…
කරූ නැවතත් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි
ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික සමුළුවේ තීරණයක්
ආසියාවේ අභිමානය ජාත්‍යන්තරය යළි තහවුරු කරයි
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා මනුෂ්‍යත්වය සහ සමාජ සාධාරණත්වය පිළිබඳ නායකත්ව විශිෂ්ටත්වය සඳහා වන ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
ඒ කොළඹ "Galle Face" හෝටලයේ දී සති අන්තයේ පැවති ඉන්දියානු-ශ්‍රී ලංකා ඒකාබද්ධ සමුළුවේ දී වන අතර එම සමුළුවට ලෝකයේ රටවල් පහක් පමණ නියෝජනය කරමින් කාර්මික, අධ්‍යාපන, සෞඛ්‍යය සහ ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක විදේශීය නියෝජිතයින් තිහකට අධික පිරිසක් සහභාගී වී සිටියහ.
මෙම ගෞරව නාමය දේශබන්දු කරු ජයසූරිය මහතා වෙත ජාත්‍යන්තරය මෙසේ පිරිනමනු ලැබූවේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, සාමය සහ යහ පාලනය වෙනුවෙන් ඔහු ගෙන යන සටන, ඔහුගේ සමාජ සේවයත සහ මනුශ්‍යත්වය සේම සමාජ සාධාරණත්වය වෙනුවෙන් ඔහු ලබා දෙන නායකත්වයත්ය වෙනුවෙනි.
දේශබන්දු කරු ජයසූරිය මහතා රට-ජනතාව වෙනුවෙන් සිදු කරන සමාජ සහ දේශපාලන මෙහෙවර වෙනුවෙන් ඉන්දියාව මීට පෙර ඔහු වෙත "ආසියාවේ අභිමානය" ජාත්‍යන්තර සම්මානය ද පුද කරනු ලැබූ අතර එම ගෞරව නාමය අතිශය දුර්ලභ සහ වැදගත් ජාත්‍යන්තර සම්මානයක් ලෙස ලොව පිළි ගැනීමට ලක්ව තිබේ.
