අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කරූගේ නායකත්වයෙන් අලුත් ගමනකට සජිත් සූදානම්

කරූගේ නායකත්වයෙන් අලුත් ගමනකට සජිත් සූදානම්

සන්ධාන නායකයෝත් එකඟ වෙති ද්‍රවිඩ ජාතික සන්ධානයත් ඒ අතර..! "දර කෝටු ලෙස නොව දර මිටියක් ලෙස එකට එක්ව යා යුතුයි" (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂ නායකත්වය කතානායක කරු ජයසූරිය මහතා වෙත පවරන්නේ…

සන්ධාන නායකයෝත් එකඟ වෙති 
 

ද්‍රවිඩ ජාතික සන්ධානයත් ඒ අතර..!
 

"දර කෝටු ලෙස නොව දර මිටියක් ලෙස එකට එක්ව යා යුතුයි"

කරූගේ නායකත්වයෙන් අලුත් ගමනකට සජිත් සූදානම්

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂ නායකත්වය කතානායක කරු ජයසූරිය මහතා වෙත පවරන්නේ නම් ඔහු සමග එකට එක්ව ඉදරි දේශපාලන ගමනක් යන්න සජිත් ප්‍රේමදාස පාර්ශවය ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ දේශපාලන පක්ෂ නායකයින් සිය එකඟතාවය පළ කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ දේශපාලන නායකයින් මේ එකඟතාවය පළ කර තිබෙන්නේ කොළඹ,අමරසේකර මාවතේ පිහිටි කතානායක කරු ජයසූරිය මහතාගේ පුද්ගලික නිවසේදී සිකුරාදා (17) සවස ඔහු හමුවී සාකච්ඡා කළ අවස්ථාවේදීය.

දැන්වීම

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයින්ට අමතරව ද්‍රවිඩ ජාතික සන්ධානය සහ එහි දේශපාලන නායකයින් ද මේ වන විට කරු ජයසූරිය මහතාගේ නායකත්වය පිළි ගෙන තිබෙන අතර ඔහු සමග ඉදිරියට යන්න එකඟතාවය පළ කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයින්ගේ ස්ථාවරය වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වයට තිබෙන එකම විසඳුම රනිල් වික්‍රමසිංහ මහතා ගෞරවාන්විත ලෙස නායකත්වයෙන් ඉවත් වී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයා සහ අනුශාසකවරයා ලෙස ගෞරවනීය දේශපාලන භූමිකාවක් ඉටු කරන අතර පක්ෂයේ නායකත්වය සියලු බලතල සමග කරු ජයසූරිය මහතා වෙත තාවකාලිකව ලබා දිය යුතු බවය.

මෙහිදී කරු ජයසූරිය මහතා අවධාරණය කර තිබෙන්නේ එම වගකීම් භාර ගැනීමට නම් එක්සත් ජාතික පක්ෂයට අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න පුර්ණ බලයක් තමාට අවශ්‍ වන අතර එම බලය තමා වෙත පැවරිය යුත්තේ පක්ෂයේ වත්මන්  නායකයා රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් බවය.

ඒ වගේම ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ වගේම පාර්ලිමේන්තු කණ්ඩායමේ ද එකඟත්වය අවශ්‍ය බව පෙන්වා දී ඇති කරු ජයසූරිය මහතා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාක්ෂිකයාගේ මතය නියෝජනය කරමින් පක්ෂ මහා සම්මේලනයකදී ඊට අනුමැතිය ලබා ගත යුතු බව ද අවධාරණය කර ඇත.

දේශපාලන පොර පිටියේ ඉදිරියට යා යුත්තේ දර කෝටු ලෙස තනි තනිවම නොව දර මිටියක් ලෙස එකට එක්ව බවත්,දර කෝටු ලෙස තනි තනිවම ගියොත් පහසුවෙන්ම පහසුවෙන්ම එම කෝටු කඩා බිඳ හෙළීමට විරුද්ධවාදීන්ට හැකි වන බවත් සියලු දෙනාම තේරුම් ගත යුතු යැයි පෙන්වා දුන් කරු ජයසූරිය මහතා මේ දර මිටිය එකට බැඳ තබන බැම්ම වීමට තමා සූදානම් බව ද සඳහන් කර ඇත.   

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
කරූගේ නායකත්වයෙන් අලුත් ගමනකට සජිත් සූදානම් | Lanka Newsweek