අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කරූගේ ඉල්ලීමට එන්නත් තොගයක්ම නොමිලයේ

කරූගේ ඉල්ලීමට එන්නත් තොගයක්ම නොමිලයේ

රට වෙනුවෙන් කළ ඉල්ලීමට ජාත්‍යන්තරය ප්‍රතිචාර දක්වයි ජර්මනියෙන් පමණක් එන්නත් ලක්ෂ 6ක්..! ස්විට්සර්ලන්තයෙන් සහ ප්‍රංශයෙන් ද එන්නත් විශාල ප්‍රමාණයක් නොමිලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වෙයි සිය…

රට වෙනුවෙන් කළ ඉල්ලීමට ජාත්‍යන්තරය ප්‍රතිචාර දක්වයි 

ජර්මනියෙන් පමණක් එන්නත් ලක්ෂ 6ක්..!

ස්විට්සර්ලන්තයෙන් සහ ප්‍රංශයෙන් ද එන්නත් විශාල ප්‍රමාණයක් නොමිලයේ 

එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වෙයි 

කරූගේ ඉල්ලීමට එන්නත් තොගයක්ම නොමිලයේ

සිය රටවල තිබෙන අතිරික්ත COVID-19 එන්නත්වලින් කොටසක් ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් ලබා දෙන ලෙසට සාධාරණ සමාජයක් සඳහා වන ජතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා යුරෝපයේ රටවල් තුනකින් කළ විශේෂ ඉල්ලීමට මේ වන විට සාධනීය ප්‍රතිචාර ලැබී තිබේ. 

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා, රටත් ජනතාවත් ඔවුන්ගේ ජීවිත ආරක්ෂාවත් වෙනුවෙන් එම ඉල්ලිම කර තිබුණේ ස්විට්සර්ලන්තය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල්වලින් වන අතර ඒ අනුව COVID-19 එන්නත් මාත්‍රා විශාල තොගයක් ඉදිරි සති කිහිපයේ දී ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත. 

දැන්වීම

කරු ජයසූරිය මහතාගේ එම ඉල්ලීමට වහාම ප්‍රතිචාර දක්වා ඇති එම රටවල් අදාළ එන්නත් තොග ඉතාම ඉක්මණින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන බවට මේ වන විටත් සහතික වී තිබෙන අතර කොවැක් ප්‍රදානයක් ලෙස  ශ්‍රී ලංකාව වෙත එම එන්නත් පරිත්‍යාග කිරීමට අදාළ සියලු කටයුතු එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් සම්බන්ධීකරණය කෙරෙනු ඇත.

මේ වන විට "lankanewsweek" වෙත ලැබෙමින් තිබෙන වාර්තාවලට අනුව ජර්මනියෙන් පමණක් ප්‍රදානය කෙරෙන එන්නත් මාත්‍රා ප්‍රමාණය ලක්ෂ හයක් පමණ පමණ වනු ඇති අතර ස්විට්සර්ලන්තය සහ ප්‍රංශය යන රටවල් ලබා දීමට නියමිත එන්නත් ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් නිවේදනය කර නොමැති නමුත් එම එන්නත් ද සමඟ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත එන්නත් මාත්‍රා ප්‍රමාණය සැලකිය යුතු විශාල අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.  

ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති භයානක තත්ත්වය සහ ජනතාව මුහුණ දී සිටින අවදානම්කාරී වාතාවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය සමඟ ද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට දේශබන්දු ජයසූරිය මහතා පියවර ගෙන තිබූ අතර එම සියලු සාකච්ඡාවන්හි දී ඔහු අදාළ රටවලින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා තිබුණේ මේ වන විට ස්විර්සර්ලන්තය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල් සතුව පවත්නා අතිරික්ත COVID-19 එන්නත් තොගයෙන් යම් ප්‍රමාණයක් හෝ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ලබා දෙන ලෙසය. 

කරූගේ ඉල්ලීමට එන්නත් තොගයක්ම නොමිලයේ

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කරූගේ ඉල්ලීමට එන්නත් තොගයක්ම නොමිලයේ | Lanka Newsweek