අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කරුණ අම්මාන්ගේ සහය ජනපතිට

කරුණ අම්මාන්ගේ සහය ජනපතිට

ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනයාගර් මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පවසයි. විනයාගර් මූර්ති මුරලිදරන් මහතා ඒ බව…

ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනයාගර් මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පවසයි. 

විනයාගර් මූර්ති මුරලිදරන් මහතා ඒ බව කියා සිටියේ, පානදුර තල්පිටිය එක්සත් ජාතික පක්ෂ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. 

"අපි අපේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අගය කළ යුතුයි. රට ආපසු ගොඩගත හැක්කේ එතුමාට විතරයි. හැමෝම අතීතය දන්නවා. හිටපු ජනාධිපතිවරයා සෑම ක්ෂේත්‍රයක්ම විනාශ කළා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වැඩ භාර ගත්තට පස්සේ රට හොඳ තත්ත්වයකට පත්ව තිබෙනවා.

විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව ඔහුට ඡන්දය ලබා දෙන්න සූදානමින් සිටිනවා. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ.සියලුම ජනතාව ජනාධිපතිවරයාට සහාය ලබා දෙන්න සූදානමින් සිටිනවා. මමත් අපේ පක්ෂයත් එතුමාට සහයෝගය දක්වන්නේ ඒ නිසයි."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කරුණ අම්මාන්ගේ සහය ජනපතිට | Lanka Newsweek