කරුණු පැහැදිළි කර ගැනීමක් සඳහා ජනපති හමුවීමට එජාප පසු පෙළ අගමැතිගෙන් අවසර ඉල්ලයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා ) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී කරුණු පැහැදිලි කර ගැනීමක් සිදු කරගැනීම සඳහා අවසර ලබා දෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්…
(සුජිත් මංගල ද සිල්වා )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී කරුණු පැහැදිලි කර ගැනීමක් සිදු කරගැනීම සඳහා අවසර ලබා දෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ විශේෂ ඉල්ලීම කර තිබෙන්නේ අපේ ගම පරිශ්‍රයේ ඊයේ(08) පැවති අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ දෙවර්ෂ පූර්ණ ගුණසමරු වැඩ සටහනේදී දුෂණ,වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට පොදුවේ එල්ල කළ චෝදනාවට අදාළවය. මේ චෝදනා එල්ල කරන මැති ඇමතිවරුන්ගේ නම් හෙළි කරන ලෙසට මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කළ යුතු බවට රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී ඇති එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රීවරුන් පළාත් පාලන මැතිවරණය අත ළඟ තිබියදී ආණ්ඩුවේම මැති ඇමතිවරුන්ට එවැනි චෝදනා එල්ල කිරීමේ ඇති අරමුණ කුමක්දැයි ද ප්‍රශ්න කර තිබේ.ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1