අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කරාපිටියේ සුදු ජාතික හොර දොස්තර රෝගීන් බිලි ගනී..!

කරාපිටියේ සුදු ජාතික හොර දොස්තර රෝගීන් බිලි ගනී..!

(ජයකාන්ත ලියනගේ) සිය මව් රට වන බ්‍රිතාන්‍යයේවත් සැත්කම් කිරීමට අනුමැතියක් නොමැති බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය වරයෙකුට ගාල්ල කරාපිටිය රෝහලේ හෘද සැත්කම් සිදු කිරීමට ඉඩදීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස මරණයක්…

  (ජයකාන්ත ලියනගේ)

සිය මව් රට වන බ්‍රිතාන්‍යයේවත් සැත්කම් කිරීමට අනුමැතියක් නොමැති  බ්‍රිතාන්‍ය ජාතික  වෛද්‍ය වරයෙකුට ගාල්ල කරාපිටිය රෝහලේ හෘද සැත්කම් සිදු කිරීමට ඉඩදීම හේතුවෙන්  අවාසනාවන්ත ලෙස  මරණයක් සිදුව තිබෙන බව ගාල්ල, කරාපිටිය රෝහලේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියා සිටී.

ගාල්ල කරාපිටිය රෝහලේ හෘද සැත්කම් සිදු කරන බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය ආර් කේ ෆර්මින් නැමැති වෛද්‍යවරයා අතින් පසු ගිය 18 වැනිදා  ශල්‍යාගාරයේ  ශල්‍ය මේසය මත දීම හැට නව  හැවිරිදි කාන්තාවක් මිය ගොස් තිබෙන බවත් මේ සිද්ධිය  වෛද්‍ය ආචාර ධර්මයන්වලට ඉදුරාම පටහැනි බවත් එම සංගමය පවසයි.

අදාළ කාන්තාව මෙසේ ශල්‍ය මේසය මත දී මිය ගොස් ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයා ඇයට  බයිපාස් සැත්කමක් සිදු කරමින් සිටින අවස්ථාවේදීය.

මෙම බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය  ආර් කේ ෆර්මින් සහ  වෛද්‍ය හරිස්චන්ද්‍ර යන වෛද්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙන අතර ඒවා විභාග කර වාර්තාවක් ඉදිරිපත් කිරීමටද සෞඛ්‍ය බලධාරීන් විසින් රෝහල් අධ්‍යක්ෂවරයාට දන්වා ඇත. ඔහුගේ සුදුසුකම් ඉදිරිපත් කිරීමටද සහන කාලයක් ලබා දී ඇත.

මෙවන් තත්ත්වයක් යටතේ හැට නව  වියැති කාන්තාවකට බයිපාස් සැත්කමක් සිදු කරමින් සිටින විට ශල්‍යාගාරයේ  ශල්‍ය මේසය මත දීම  ඇය මිය ගොස් තිබීම මත  මෙම වෛද්‍යවරයාගේ සුදුසුකම් තහවුරු කිරීමට සහන කාලයක් ලබා දීම රෝගී ජීවිත අනතුරේ හෙලීමක් බවද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

මෙම බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයාට සිය  මව් රටේ  සැත්කම් කිරීමට කෙසේ වෙතත් වෛද්‍ය වෘත්තියේ යෙදීමට හෝ අවසර නැතිව තිබියදී ගාල්ල කරාපිටිය රෝහලේ හෘද සැත්කම් සිදු කිරීම නිසා සිදු වු අවාසනාවන්ත මරණයන් පිළිබදව මීට පෙර ද සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර තිබෙන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ වෛද්‍යවරයාට වෛද්‍ය වෘත්තියේ  යෙදීම සදහා වූ යෝග්‍යතා සහතිකය මාස තුනක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසත් දන්වා ඇතැයිද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

රෝගී ජීවිත ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත් එසේ නොවන්නේ නම් අහිමි වන රෝගී ජීවිතවල වගකීම රෝහල් අධ්‍යක්ෂවරයා විසින් බාර ගත යුතු බවත් එම වෛද්‍යවරු පවසති.

මේ සම්බන්ධයෙන් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් විමසූ විට මෙසේ පැවසීය.

“මේ පරීක්ෂණය කරන්න භාර දීලා තියෙන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමාට. ඔහු මේ දිනවල රටේ  නැහැ. කොහම වුණත් ඔහු 21 සදුදා සිට රාජකාරියට පැමිණීමට නියමිතයි. පසුගිය 18 වනදා මිය ගිය අයගේ සහ ඊට පෙර මිය ගිය අය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර ඔහු වාර්තාවක් දේවි.

කොහොම වුණත් බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය ආර් කේ ෆර්මින් මහතාට සැත්කම් කරන්න අවසරය දීලා තියෙන්නේ මම නොවෙයි, සෞඛ්‍ය  අමාත්‍යාංශයයි. මොනවා වුණත් ඔහුගේ වාර්තා ඉදිරිපත් කිරීමට ඔහුට මාස තුනක කාලයක් ලබා දී තියනවා. ඒ කාලය තුල සැත්කම් නවත්වන්න කියලා අමාත්‍යාංශයෙන් උපදෙස් දීල කියලා නැහැ”

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
කරාපිටියේ සුදු ජාතික හොර දොස්තර රෝගීන් බිලි ගනී..! | Lanka Newsweek