අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කරන්නාගොඩට එරෙහි අධි චෝදනා නීතිපතිවරයා ඉවත් කර ගනී

කරන්නාගොඩට එරෙහි අධි චෝදනා නීතිපතිවරයා ඉවත් කර ගනී

(හේමන්ත තුසිත කුමාර) හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනුකර ඇති අධි චෝදනා ඉවත්කර ගන්නා බව නීතිපතිවරයා විසින් බදාදා(13)…

(හේමන්ත තුසිත කුමාර)

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනුකර ඇති අධි චෝදනා ඉවත්කර ගන්නා බව නීතිපතිවරයා විසින් බදාදා(13) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

2008 වසරේදී කොළඹ හා  ඒ අවට ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

තමන් සම්බන්ධයෙන් නඩු පැවරීමට නීතිපතිවරයා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා වසන්ත කරන්නාගොඩ මහතා පෙත්සමක් ගොනු කර තිබූ අතර එය කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය  ප්‍රකාශ කලේ ගොනුකර ඇති අධි චෝදනා ඉවත්කර ගන්නා බවය.

මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කරන්නාගොඩට එරෙහි අධි චෝදනා නීතිපතිවරයා ඉවත් කර ගනී | Lanka Newsweek