අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කයිවාරුකාරයන්ට ආයෙ රැවටෙන්න එපා

කයිවාරුකාරයන්ට ආයෙ රැවටෙන්න එපා

විදුලි බිල 66%කින් අඩු කරනවා කිව්වා- පෙට්‍රල් 160ට ‌දෙනවා කිව්වා- බඩු මිල අඩු කරනවා කිව්වා- පාස්පෝට් පෝලිම ඉවර කරනවා කිව්වා- එකක්වත් කරලා නෑ රටේ සමස්ත ජනතාව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස පත්…

විදුලි බිල 66%කින් අඩු කරනවා කිව්වා- පෙට්‍රල් 160ට ‌දෙනවා කිව්වා- බඩු මිල අඩු කරනවා කිව්වා- පාස්පෝට් පෝලිම ඉවර කරනවා කිව්වා- එකක්වත් කරලා නෑ

රටේ සමස්ත ජනතාව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස පත් වු පසු පොරොන්දු වු සහන අපේක්ෂා කළත් ඒවා ඉටු නොවු බවත් විදුලි බිල 66%කින් අඩු කිරීම බඩු මිල අඩු කිරීම සිදු කරන බව කිව්වත් එය සිදු නොවු බවත් පාස්පෝට් පෝලිමට විසදුම් දෙනවා කිව්වත් එයද ඉටු නොවු බවත් ජනතාව රැවටු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනාධිපතිවරයා කියු ආකාරයට විදුලි බිල 66% අඩු කර බඩු මිල අඩු කර බදු අඩු කරන ලෙස අභියෝග කරන බවත් ජනතාව රවටන ආණ්ඩුවක් නොවන ලෙස ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මැද කොළඹ දී පැවැති ජන හමුවකදීය.

දැන්වීම

පීඩනයෙන් අසහනයෙන් සිටින බහුතර ජනතාවට දෙනවා කියු සහන නොදුන් බවත් මේවා කරන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් අවශ්‍ය නොවන බවත් මේ ගැටලුවලට විසදුම් දෙන්න බැරිව රජයත් ජනතාවත් අසරණ වී ඇති බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසෙම මැතිවරණ වේදිකාවේ කියු කිසිම බදු අඩු කිරීමක් නොවු බවත් මේ බදු අඩු කරන්න අයි එම් එෆ් එකගතාව නොලැබුණු බවත් IMF සමාලෝචනය පවා කල් දමා ඇති බවත් සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


තවද IMF එකේ පදේට නටන්නැ කිව්ව අය අද අයි එම් එ⁣ෆ් එකේ පදේට නටන රුකඩයක් වුවත් සමගි ජන බලවේග රජයක IMF එකත් සමග සාකච්ඡා කර බදු බර බඩු මිල හා විදුලි බිල අඩු කරන බවත් නව IMF ගිවිසුමකට යන බවත් එම නිසා මේ කයිවාරුකාරයෝට නොරැවටෙන ලෙසත් එතුමා වැඩි දුරටත් පැවසුවේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කයිවාරුකාරයන්ට ආයෙ රැවටෙන්න එපා | Lanka Newsweek