කයිය ගැහුවා කියල ජනතා ගැටළු විසඳෙන්නේ නෑ - විපක්ෂ නායක

අප රටේ දළ දේශිය නිෂ්පාදනයට 52%ක දායකත්වයක් ලබා දෙන ලක්ෂ 11කට වැඩි ව්‍යවසායකයන් ලෙස ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සිටින බවත් මොවුන් ලක්ෂ 45කට ජීවනෝපාය සපයන නමුත් මේ කර්මාන්ත 2022 කාලයේ…
අප රටේ දළ දේශිය නිෂ්පාදනයට 52%ක දායකත්වයක් ලබා දෙන ලක්ෂ 11කට වැඩි ව්‍යවසායකයන් ලෙස ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සිටින බවත් මොවුන් ලක්ෂ 45කට ජීවනෝපාය සපයන නමුත් මේ කර්මාන්ත 2022 කාලයේ 260000ක් වැසී ගොස් ඇති අතර පසුගිය වසර 2 තුළ තවත් 150000ක් පමණ වැසී ඇති අතර මොවුන් වෙනුවෙන් රජය කිසිවක් නොකළ බවත් අවස්ථා 2කදී දේශපාලන වාසි ගන්න පරාටේ නීතිය අත්හිටවූවත් මොවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරිමට කටයුතු නොකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජාත්‍යන්තර මූලය ආයතන ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නයැයි කියන විට අර්ථසාධක අරමුදලේ මුදල් පිට්පොකට් ගසා වැඩකරන ජනතාවගේ ණය ප්‍රතිව්‍යුහගතකර කෝටිපතියන් බේරා නිර්ධන පන්තිය මත බර පැටවූ බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට වුන දේ ඔවුන් ගෙන්වා අහන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් තර්ක විතරක් නොව රටේ ජනතාව අපේක්ෂා කරන්නේ උත්තර සහ විසදුම් බැවින් එම විසදුම් සහ උත්තර ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අද වන විට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අන්ත අසරණ වෙලා
වත්මන් රජයේ ජාතික අපනයන ප්‍රතිපත්තිය සහ ජාතික අපනයන ක්‍රමෝපය ඉදිරිපත් කරන ලෙසත් එක්තරා රටක වෙළෙද ක්ෂේත්‍රය ගැන වාර්තාවකින් අප රටේ අපනයන ක්ෂේත්‍රයට ඇති බාධා ගැටලු ගැන පැහැදිලි කර ඇති බවත් ව්‍යාපාර කිරීමේ පහසුකම් තව වර්ධනය විය යුතු බවත් රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය බවත් ඒ හරහා පහසුකම් සැපයිය යුතු බවත් ඡන්දයට පෙර ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට හොදට සැලකුවත් දැන් රජය ඔවුන් අමතක කර ඇති බවත් මැතිවරණ සමයේ දුන් පොරොන්දු බලාපොරොත්තු කඩ කර ඇති බවත් මොවුන්ගේ ණය දැන්වත් ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බවත් මොවුන්ට රජයෙන් අසාධාරණයක් සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.
දැන්වීම
දුප්පත්කම නැති කරන්න කියල ආණ්ඩුව කරන්නේ ජවිපේ අයගෙන් පුරවපු ප්‍රජා ශක්ති වැඩපිළිවෙළ විතරයි
අද වන විට අස්වැසුම වැඩසටහනින් දුප්පත්කම තුරන් කළ නොහැකි බවත් රජයට ඇති විකල්පය වන්නේ ජවිපේ පක්ෂ සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් වන ප්‍රජා ශක්ති කමිටු බවත් මේ වන විට රටේ දුප්පත්කම 50%ට ආසන්න බවත් මේ අස්වැසුමෙන් නම් දුප්පත්කම තුරන් කළ නොහැකි බවත් නිෂ්පාදනය ඉතිරිකිරීම අපනයන පාරිභෝජනය අපනයනය තිබිය යුතු වුවත් අස්වැසුමේ ඇත්තේ පාරිභෝජනය පමණක් බැවින් පැරණි දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන් අනුගමනය කර නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
විදේශ රැකියා ආයතන කෝටි ගණන් මුදල් වංචා කරද්දි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කරබාගෙන ඉන්නවා
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි මහරගම රේන්බෝ ආයතනය රුමේනියා රැකියා දෙනවා කියා 850000 සිට 1850000 දක්වා මුදල් 500 දෙනකුගෙන් ගෙන කෝටි 74ක් පමණ වංචා කර ඇති බවත් මොවුන් අද උසාවියේ නඩු පවරා ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යම් පියවර ගනු ලැබුවත් අද වන විට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති අංශය තවමත් පියවර ගෙන නොමැති බවත් මොවුන් නඩුවාර ගණනාවකට පැමිණ නැති බවත් සමගි ජන බලවේගය මොවුන්ට නොමිලේ නීති සහාය ලබා දුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පාරම්පරික කර්මාන්ත දියුණු කරන්න අපිත් සහාය දෙන්නම්
මෙරට ඇති පාරම්පරික කර්මාන්ත ගම්මානවල නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙදපොළක් සමග සම්බන්ධ කරන වැඩපිළිවෙළකට සහයෝගය ලබා දෙන බවත් කුඩා පරිමාණයේ පාරම්පරික සම්ප්‍රදානුකූල කර්මාන්ත කරන නිපුණතාව දක්ෂතාව ඇති මොවුන්ගේ නිෂ්පාදන විදේශ වෙළෙදපොළට ගෙන යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නිර්ධන පන්තියේ මාලිමා ආණ්ඩුව නව ලිබරල්වාදී ගමනක් යනවා
2028 ණය ගෙවන්න ඇති නිසා සෘජු විදේශ ආයෝජන ප්‍රමාණවත්ද කියා මෙන්ම අපනයන ප්‍රමාණවත්ද කියා සොයා බැලිය යුතු බවත් 2022 රටේ ඇති වූ තත්ත්වය නැවත සිදුවීම වැලැක්විය යුතු බවත් සෑම ක්ෂේත්‍රයක්ම බල ගන්වා ආර්ථිකය වර්ධනය ඉහළ යන විට මැක්රෝ ලින්ක් බොන්ඩ් එක හරහා විශාල බලපෑමක් වන බවත් ආර්ථිකය වර්ධනය වන විට ණය කපා හැරීම අඩුවන බවත් මෙය වැරදි අයි.එම්.එෆ් ගිවිසුමක් බවත් නව ලිබරල්වාදී ආණ්ඩුවේ ගමන නිර්ධන පන්තියේ ආණ්ඩුව යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.