අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කබීර්ගේ-මලික්ගේ-සාගලගේ ඇමතිකම් ගැන ප්‍රශ්නයක්..?

කබීර්ගේ-මලික්ගේ-සාගලගේ ඇමතිකම් ගැන ප්‍රශ්නයක්..?

කැබිනට් මණ්ඩල දිවුරුම තවත් කල් යන ලකුණු..! (සුජිත් මංගල ද සිල්වා) කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ කබීර් හෂීම්,මලික් සමරවික්‍රම සහ සාගල රත්නායක යන මහත්වරුන් සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර…

කබීර්ගේ-මලික්ගේ-සාගලගේ ඇමතිකම් ගැන ප්‍රශ්නයක්..?

කැබිනට් මණ්ඩල දිවුරුම තවත් කල් යන ලකුණු..!

(සුජිත් මංගල ද සිල්වා)

කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ කබීර් හෂීම්,මලික් සමරවික්‍රම සහ සාගල රත්නායක යන මහත්වරුන් සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබෙන අමාත්‍ය ධූර සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එකඟ විය නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බව ජනාධිපති කාර්යාලීය ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව බොහෝවිට ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාගේ මේ ලැයිස්තුවත ද  ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තිබෙන අතර එසේ වුණොත් සංශෝධිත නව  කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම තවත් සතියකින් පමණ කල් යනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් “lankanewsweek” සමග පැවසීය.

දැන්වීම

එක්සත් ජාතික පක්ෂය මේ නව කැබිනට් මණ්ඩල ලැයිස්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර තිබුණේ ඊයේ (22) රාත්‍රියේ වන අතර එම පක්ෂය පෙරේදා (21) රාත්‍රියේ යැවූ තවත් ලැයිස්තුවක් ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුව පිළිබඳව මේ මොහොත වන විටත් අධ්‍යනය කරමින් සිටින බව ජනාධිපති කාර්යාලීය ආරංචි මාර්ග පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කබීර්ගේ-මලික්ගේ-සාගලගේ ඇමතිකම් ගැන ප්‍රශ්නයක්..? | Lanka Newsweek