කබ්රාල්ගේ බිලියන 23ක ගැහිල්ල පාලිත හිමියෝ හෙළි කරති

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරති විනාශ කළ මුදල් අය කර ගන්නැයි ඉල්ලති පී.බී සහ අජිත් කබ්රාල් රාජ්‍ය පාලනයට සම්බන්ධ කර ගනු එපා ▶ වීඩියෝව නරඹන්න රුපියල් බිලියන විසි තුනකට අධික ජනතා මුදලක් අවභාවිතා කර…
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරති
විනාශ කළ මුදල් අය කර ගන්නැයි ඉල්ලති
පී.බී සහ අජිත් කබ්රාල් රාජ්‍ය පාලනයට සම්බන්ධ කර ගනු එපා
රුපියල් බිලියන විසි තුනකට අධික ජනතා මුදලක් අවභාවිතා කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත නා හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අඟහරුවාදා (20) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
මුදල්, ප්‍රාග්ධන වෙළඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව තීනියාවල පාලිත නා හිමියන් මෙම නඩුව ගොනු කර ඇත්තේ, විනාශ කළ මහා ජන මුදල් අය කර ගැනීමට නීතිමය පියවර ගන්නා අතර ඔහුට එරෙහිව අපරාධ නුඩුවක් ද ගොනු කරන ලෙස නීතිපතිගෙන් ඉල්ලමිනි.
දැන්වීම
මේ සම්බන්ධයෙන් "lankanewsweek" වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් තීනියාවල පාලිත නා හිමියෝ පැවසූහ. "අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල් මිලියන 1332ක මහා ජන මුදල් කාබාසිනියා කරලා තියෙනවා. ඒ ඇමරිකාවේ "සී.අයි.ඒ" කාරයෙකු එක්ක එකතු වෙලා. ඒ සල්ලි ගත්ත පුද්ගලයාව මේ වන විට අවුරුදු දොළහකට හිරේ යවා තිබෙනවා. සල්ලි දුන්නු පුද්ගලයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා මුදල් රාජ්‍ය ඇමතිකමත් ලබා ගෙන බොහෝ යහතින් වැජඹෙනවා.ඇත්ත වශයෙන්ම මේ අජිත් නිවාඩ් කබ්රාල් යනු දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් මීටත් වඩා හොඳ අතීතයක් ඇති පුද්ගලයෙකු බව රටම දන්නවා.
මේ අනුව මහා සංඝ රත්නය ලෙස අප තරයේ අවධාරණය කර සිටින්නේ, වංචා, දූෂණ, අක්‍රමිකතා සහ පොදු දේපළ විනාශ කිරීම් ඇතුළු බරපතළ චෝදනා එල්ල වී සිටින අජිත් නිවාඩ් කබ්රාල් වගේම පී.බී ජයසුන්දර වැනි දුෂිතයින් රජයේ කසිදු තනතුරකට සම්බන්ධ කර නොගත යුතු අතර එම දුෂිතයින්ට එරෙහිව නීත්‍යනුකූලව දඩුවම් කළ යුතු බවයි."