කන්ද උඩරටට සභානායක කළ මෙහෙවර කෙහෙළිය රඹුක්වැල්ල සහතික කරයි..!

“ඇමතිවරුන් 9 දෙනෙකු සහ අගමැතිවරයෙකු මහනුවරට කළ සේවයට වඩා වැඩි සේවයක් ලක්ෂ්මන් කිරිඇල්ල කළා” අපේ ආණ්ඩු කාලයේ තමා ඇතුළුව මහනුවර කැබිනට් ඇමතිවරු 09 දෙනෙකු සහ අගමැතිවරයෙක් හිටියත් ඒ සියලු දෙනා කළ සේවයට…
“ඇමතිවරුන් 9 දෙනෙකු සහ අගමැතිවරයෙකු මහනුවරට කළ සේවයට වඩා වැඩි සේවයක් ලක්ෂ්මන් කිරිඇල්ල කළා”
අපේ ආණ්ඩු කාලයේ තමා ඇතුළුව මහනුවර කැබිනට් ඇමතිවරු 09 දෙනෙකු සහ අගමැතිවරයෙක් හිටියත් ඒ සියලු දෙනා කළ සේවයට වඩා සේවයක් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මහනුවර දිස්ත්‍රික්කය වෙනුවෙන් කර ඇති බවට අකමැත්තෙන් වුවත් පිළිගැනීමට සිදුව තිබෙන්නේ යැයි ඒකාබද්ද විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කර සිටියි.
ඔහු මේ බව පැවසුවේ මහනුවර කුණ්ඩසාලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ තමා ඇතුළුව ඇමතිවරුන් 9 දෙනෙකු වගේම අගමැතිවරයෙකු සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකු ද මහින්ද රාජපක්ෂ පාලනය යටතේ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළත් මේ සියලු දෙනාටම වඩා වැඩි සේවයක් මහනුවරටත් එම ජනතාවටත් සිදුකර ඇත්තේ වත්මන් පාර්ලිමේන්තුවේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා බවය.
මේ සිද්ධිය “Lankanewsweek” වෙත අනාවරණය කර සිටියේ එම අවස්ථාවට එක්ව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර ප්‍රාදේශීය පළාත් පාලන ආයතනයක ප්‍රබල මන්ත්‍රීවරයෙකි.