කතෝලික ප්‍රජාවට විපක්ෂ නායකගෙන් ප්‍රතිඥාවක්

පාර්ලිමේන්තුවේ දී රණසිංහ ප්‍රේමදාසගේ නාමයෙන් දිව්රයි සජබ රජයක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන්ට දඬුවම් දෙනවාමයි දඬුවම් දෙන හැටි හැන්සාඩ් ගත කරයි රජයන් දෙකක්-ජනාධිපතිවරුන් දෙන්නෙක් සත්‍ය සැඟවූවා…
පාර්ලිමේන්තුවේ දී රණසිංහ ප්‍රේමදාසගේ නාමයෙන් දිව්රයි
සජබ රජයක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන්ට දඬුවම් දෙනවාමයි
දඬුවම් දෙන හැටි හැන්සාඩ් ගත කරයි
රජයන් දෙකක්-ජනාධිපතිවරුන් දෙන්නෙක් සත්‍ය සැඟවූවා
සත්‍ය සොයනවා කිව්ව ගෝඨාභය රාජපක්ෂ සත්‍ය වසන් කළා
අපි කිසිවකට බිය නැහැ-අනිවාර්යෙන්ම සත්‍ය හෙළිදරව් කරනවා
මම "Deal" කරන්නේ පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් ජනතාව එක්ක විතරයි
සත්‍ය හෙළිදරව් කරන්න නොහැකි නම් ගෙදර යනවා
මරා ගෙන මැරෙන පාස්කු ප්‍රහාරයට අදාළව සමගි ජන බලවේගය සිදු කළ අනාවරණ සහ ඒ සම්බන්ධයෙන් ඇසු ප්‍රශ්න ගැන කිසිදු තැකීමක් සිදු නොකර එවැනි ප්‍රහාරයක් සිදු නොවුණා සේ සලකා වග කිව යුතු රජයේ පාර්ශ්ව නින්දිත ආකාරයට මෙම විවාද මඟ හරිමින් එම ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට නිග්‍රහ සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.
ජනතා ආශිර්වාදයෙන් බිහි වන සමගි ජන බලවේග රජය යටතේ මරා ගෙන මැරෙන පාස්කු ප්‍රහාරයට අදාළව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමා පැහැදිලි කිරීමට කැමති බවත් ඒ යටතේ 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 2 (01) ඈ වගන්තිය අනුව දේශීය සහ විදේශීය විනිසුරුවන් සේම විමර්ශකයන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවා කොන්දේසි විරහිතව විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වන බවත් ඊට අමතරව ඒ සඳහා වෙනම ම ස්වාධීන කාර්යාලයක් ස්ථාපිත කර එම කොමිෂන් සභාව ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කර නීතිපතිවරයා විසින් අපරාධ නඩු කටයුතු ආරම්භ කර ඒ සඳහා විශේෂ අධිකරණයක් ද පිහිටු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එමෙන් ම ස්වාධින රජයේ අධි චෝදක කාර්යාලයක් ද ස්ථාපිත කරන බවත් මේ හරහා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ, මුල් වූ සහ දායක වූ කණ්ඩායම් ද, මහා මොළකරුවන් ද, ත්‍රස්තවාදීන් ද, නීතිය හමුවට ගෙන විත් ඉහළ ම දඩුවම් ලබා දීමට නොපැකිලෙන බවත් එසේ සිදු කිරීමට යන සියලු දේ රටේ ජනතාවගේ දැනුවත් වීම උදෙසා මේ මොහොතේ "හැන්සාඩ්" ගත කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
දැන්වීම
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තුවේ දී බදාදා (24) පැවැති පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විවාදයේ දී අදහස් දක්වමිනි.
ගෝඨාභය රාජපක්ෂ රජය පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ලෙස හිජාස් හිස්බුල්ලා, රිෂාඩ් බදියුදීන් සහ රියාඩ් බදියුදීන් නම් කර සිටි බවත් ගෝඨාභය රාජපක්ෂ මුල සිටම පරීක්ෂණ යට ගැසීමට කටයුතු කළ බවත් එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර ප්‍රමුඛ තිස් දෙනෙකු මාරු කිරීම, පරීක්ෂණ කටයුතු මෙහෙයවූ ශානි අබේසේකර නිලයෙන් පහළට දමා දකුණේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පෞද්ගලික සහකාරයකු ලෙස පත් කර විමර්ශන නතර කර සත්‍ය යටපත් කිරීම වැනි අකටයුතුකම් රැසක්ම සිදු කළ බවත් විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
එදා වගේම අද දවසේත් මෙම නීච නින්දිත ත්‍රස්ත ප්‍රහාරය සැගවීමට වත්මන් රජයත් කටයුතු කරන බවත් පොලිසිය භාර ඇමතිවරයා 99%ක් විමර්ශන අවසන් බවට ප්‍රකාශ කළත් එවැන්නක් සිදුව නොමැති බවත් වත්මන් රජයට පවා මේ ගැන සත්‍ය සොයන්න උනන්දුවක් නොමැති නම් මේ වසර අවසානයේ ජනතා ආශිර්වාදයෙන් බලයට පත් වන සමගි ජන බලවේගය කිසිදු අයකුට, කිසිදු බලවේගයකට, මුදලට, වරදානවලට, වරප්‍රසාදවලට, තර්ජනවලට සහ ගර්ජනවලට යට නොවී නිවැරැදි සත්‍ය හෙළිදරව් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහතික විය.
එසේම වත්මන් රජය පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පාර්ශ්වයන්ට හිමි නියමිත වන්දි පවා ලබා නොදුන්නත් අරගලය නිසා නිවාස හානි වූ මැති-ඇමතිවරුන්ට නම් කලට වේලාවට වන්දි ලබා දීම සිදු කළ බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා තමා කිසිදු තර්ජනයකට ගර්ජනයකට බිය නොමැති පුද්ගලයකු වන නිසා හිටපු ජනාධිපතිවරුන් සමඟ දැමූ "Deal" තමා සමඟ දැමීමට නොඑන ලෙසත් තමාට මේ සම්බන්ධයෙන් "Deal" කරන්නේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් අහිංසක ජනතාව සමඟ පමණක් බවත් කියා සිටියේය.
මේ ගැන සත්‍ය සොයන්න උත්සාහ කරන විට විවිධ කුමන්ත්‍රණ සිදු කළ හැකි නමුත් ඒ සියල්ලට මුහුණ දීමට තමා සූදානම් බවත් කිසිදු බලවේගයකට කුමන හේතුවකටවත් සත්‍ය හෙළිදරව් වීම නතර කිරිමට ඉඩ නොදෙන බවත් සත්‍ය හෙළිදරව් කළ නොහැකි නම් තනතුරෙන් යන එක තමාට ගෞරවයක් බවත් තමා කිසිදු අවස්ථාවක තනතුරු කියන දේ ඔලුවේ තියා ගෙන මාන්නයෙන් සිටින කෙනකු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළේය.
රට වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ සිය පියාගේ නාමයෙන් දිවුරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී කියා සිටියේ කුමන හේතුවකටවත් කතෝලික ජනතාව, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සහ කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික පියවරුන් නොරවටා කෙසේ හෝ සත්‍ය හෙළිදරව් කර රටට ඔප්පු කරන බවය.