කතුවරුන් මාධ්‍ය නිදහස එපා කියයි ?
(සුජිත් මංගල ද සිල්වා) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ සදුදා (04) පවතී ජනමාධ්‍යයට සහ ජනමාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහි අන්තර්ජාතික සමුළුවට රටේ ප්‍රධානතම ජාතික පුවත්පත්වල,රුපවහිනී නාලිකාවල සහ…
(සුජිත් මංගල ද සිල්වා)
කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ සදුදා (04) පවතී ජනමාධ්‍යයට සහ ජනමාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහි අන්තර්ජාතික සමුළුවට රටේ ප්‍රධානතම ජාතික පුවත්පත්වල,රුපවහිනී නාලිකාවල සහ ගුවවිදුලි නාලිකාවල කිසිදු ප්‍රධානියකු සහභාගී වී නොමැත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සමග එක්ව මේ ජාත්‍යන්තර සමුළුව සංවිධානය කර තිබුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධ්‍යාපනික,විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය විසිනි.
දැන්වීම
මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් “lankanewsweek” කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ මේ අන්තර් ජාතික සමුළුවට සහභාගී වන ලෙසට රටේ සියලුම ජාතික පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරුන්ට ද,සියලු රුපවහිනී සහ ගුවවිදුලි නාලිකාවල ප්‍රධානීන්ට ද නිල වශයෙන් ආරාධනා පත් යොමු කළ බවය.
කෙස් නමුත් මේ ජාත්‍යන්තර සමුළුව සඳහා “the island” සහ “Ceylon today” ඉංග්‍රීසි ජාතික පුවත්පත් දෙකේ ප්‍රධානීන් දෙදෙනකු ද,ජාතික රුපවාහිනියේ සහ ලේක්හවුස් ආයතනයේ සභාපතිවරුන් දෙදෙනා ද හැරුණු කොට ප්‍රධන පෙළේ සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත්වල කිසිදු කර්තෘවරයකුද ,රුපවහිනී සහ ගුවන්විදුලි නාලිකාවල කිසිදු ප්‍රධානියකුද සහභාගී වී නොමැත.
ජනමාධ්‍යයට සහ ජනමාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහි මේ අන්තර්ජාතික සමුළුව පැවැත් වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.