අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

කතානායක වැඩ කරන්නේ ජනපතිට විරුද්ධවයි

කතානායක වැඩ කරන්නේ ජනපතිට විරුද්ධවයි

ඔවුන් දෙදෙනා අතර ගැටුමක් තිබෙනවා ලක්ෂ්මන් කිරිඇල්ල හෙළි කරයි ජනාධිපතිවරයා විපක්ෂනායකවරයාගෙන් සහයෝගය ඉල්ලද්දි, කතානායකවරයා ඊට අකුල් හෙළීමෙන් පැහැදිළි වන්නේ ඔහු ජනාධිපතිවරයාට විරුද්ධව වැඩ කරන…

ඔවුන් දෙදෙනා අතර ගැටුමක් තිබෙනවා 

ලක්ෂ්මන් කිරිඇල්ල හෙළි කරයි 

කතානායක වැඩ කරන්නේ ජනපතිට විරුද්ධවයි

ජනාධිපතිවරයා විපක්ෂනායකවරයාගෙන් සහයෝගය ඉල්ලද්දි, කතානායකවරයා ඊට අකුල් හෙළීමෙන් පැහැදිළි වන්නේ  ඔහු ජනාධිපතිවරයාට විරුද්ධව වැඩ කරන පුද්ගලයෙකු වන බව යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 

"පසුගියදා ජනාධිපතිතුමා විපක්ෂ නායකතුමාගෙන් සහයෝගය ඉල්ලුවා. ඔබතුමා මොකක්ද කරන්න හදන්නේ..? විපක්ෂ නායකතුමා දෙන සහයෝගයට අකුල් හෙලනවා. ජනාධිපතිතුමා සහ ඔබතුමා අතර ගැටුමක් තියෙනවද..? ගැටුමක් තියෙනවා. ජනාධිපතිතුමා අපෙන් සහ විපක්ෂනායකතුමාගෙන් සහයෝගය ඉල්ලනවා. ඒ සහයෝගය ලබා දෙන්න තමයි විපක්ෂ නායකතුමා එදා මුදල් කාරක සභාවට පවා ගියේ. ඔබතුමා ඒකට අකුල් හෙළනවා නම්  ඔබතුමා ජනාධිපතිතුමාට විරුද්ධව වැඩ කරන පුද්ගලයකු බවට පත් වෙනවා." යැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී වැඩි දුරටත් පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න