කතානායක ජනපතිට ව්‍යවස්ථාව ගැන පැහැදිළි කර දෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

කළගුණ සැලකීමේ යුතුකම ගැනද සිහිපත් කෙරේ..! නුපන් දරුවන් ගැන සිතා රට අරාජික නොකරනු..! (රසික මහගෙදර) නුපන් දු දරු පරපුර අනාත කරමින් රට අරාජික නොකර ජනතාව විසින් තෝරාපත් කරන උත්තරීතර පාර්ලිමේන්තුවේ…
කළගුණ සැලකීමේ යුතුකම ගැනද සිහිපත් කෙරේ..!
නුපන් දරුවන් ගැන සිතා රට අරාජික නොකරනු..!
(රසික මහගෙදර)
නුපන් දු දරු පරපුර අනාත කරමින් රට අරාජික නොකර ජනතාව විසින් තෝරාපත් කරන උත්තරීතර පාර්ලිමේන්තුවේ බහුතරයේ මතය හෙවත් ජනතා පරමාධිපත්‍යයට හිස නමා වයවස්තනුකුලව සහ සිය හදවතට එකගව නිවැරදි තීරණයක් ගන්න යැයි දැනුම් දෙමින් කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපතිවරයා වෙත මේ විශේෂ ලිපිය යොමු කර ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාස භංග යෝජනාවට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 122ක් සහය පළ කිරීමේ සිද්ධිය ඇතුළු සියලු තොරතුරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් වාර්තා කරමින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි නිවැරදි සහ ව්‍යවස්ථානුකූල පියවර ගන්න යැයි ඉල්ලමින් යොමු කළ ලිපියට පිළිතුරු වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරලා යොමු කර තිබූ ලිපිය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ සම්ප්‍රදායේ සහ ව්‍යවස්ථාවේ මූලික පදනමට විරුද්ධ බැවිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) කැඳවා තිබූ දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය හැරුණු කොට එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුක සියලු දේශපාලන පක්ෂ විසින් එම රැස්වීම වර්ජනය කරනු ලැබුවේ ජනාධිපතිවරයාගේ මේ ලිපිය පදනම් කර ගෙනය.
රටේ ජාතික දේශපාලනයේ සහ පාර්ලිමේන්තුවේ උද්ගතවී තිබෙන තත්වය දිගින් දිගටම පැහැදිළි කරමින් කතානායක කරු ජයසූරිය මහතා නිකුත්ජ කර ඇති නිවේදන අතර අතිශය වැදගත්නා සහ තීරණාත්මක නිවේදනය මෙසේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1


