කතානායක ජනපතිට ව්‍යවස්ථාව ගැන පැහැදිළි කරයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

බහුතරයේ විශ්වාසවන්තයා තහවුරු වන තුරු රනිල් වික්‍රමසිංහගේ අයිතීන් තහවුරු කරනු..! (සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තු බහුතර මන්ත්‍රී පිරිසකගේ විශ්වාසය දිනා ගත් පුද්ගලයා ස්ථාපිත වන තුරු රනිල්…
බහුතරයේ විශ්වාසවන්තයා තහවුරු වන තුරු රනිල් වික්‍රමසිංහගේ අයිතීන් තහවුරු කරනු..!
(සුජිත් මංගල ද සිල්වා)
පාර්ලිමේන්තු බහුතර මන්ත්‍රී පිරිසකගේ විශ්වාසය දිනා ගත් පුද්ගලයා ස්ථාපිත වන තුරු රනිල් වික්‍රමසිංහ මහතාගේ වරප්‍රසාද ආරක්ෂා කර දෙන ලෙස තමා වෙත ඉල්ලීමක් ලැබී ඇති බව කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී, යහපාලනයක් සඳහා වරම් ලබා ගත් රජයක් වශයෙන් මෙම ඉල්ලීම කෙරෙහි ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමු කරන ලෙස ද එම ලිපියෙන් කතානායකවරයා ඉල්ලා සිටි.
විවිධ පුද්ගලයන් විසින් මාධ්‍ය හරහා තර්ජනය කිරීමේ අවස්ථා කිහිපයක් ද වාර්තා වී ඇති බව පෙන්වා දෙන කතානායකවරයා රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි සිදුව ඇති බවට වාර්තා වන බලහත්කාරී මැදිහත්වීම් ද රටේ සාමය බිඳ දැමීමෙන් ඔබ්බට ගොස් අන්තර් ජාතිකව ඇති විය හැකි බරපතළ හානිය ගැන ද කරු ජයසූරිය මහතා දිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.
දැනටමත් ඇතැම් රටවල් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන සිය රටවැසියන් අරඹයා නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් නිවේදන මගින් උද්ගතවී ඇති මේ තත්ත්වයේ බරපතළකම මැනවින් විද්‍යාමාන වන බව ද කතානායකවරයා පෙන්වා දී ඇත.
කරූ ජයසුරිය මහතා සිය ලිපියෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, මෙම තත්ත්වය මත පාර්ලිමේන්තුව නොවැම්බර් මස 16 වැනි දා දක්වා දින විස්සක් අක්‍රියව පැවතීම මගින් රටට දැඩි අහිත කර වාතාවරණයක් උද්ගතවීමට ඉඩ නොතබන ලෙසය.
පාර්ලිමේන්තු කල් තැබීම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අනුව විය යුත්තේ කතානායකවරයාගේ අනුදැනුම අනුව බව ද කරූ ජයසුරිය මහතා සිය ලිපියෙන් ජනාධිපතිවරයාට සිහිපත් කර ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
