කතානායකවරයා විධායකය සමග එක් වී ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් කරනවා

කතානායකවරයෙකු සතු ලොව පිළි ගත් මූලධර්ම නොදන්නේ නම් ඒ ගැන ඉගෙන ගත යුතුයි නූගත්කමට හොඳම බෙහෙත පුස්තකාලයයි -විපක්ෂ නායක අවධරණය කරයි- කතානා මහින්ද යාපා අබේවර්ධන මහතා රටේ විධායකය සමග එක් වී මහා කූට…
කතානායකවරයෙකු සතු ලොව පිළි ගත් මූලධර්ම නොදන්නේ නම් ඒ ගැන ඉගෙන ගත යුතුයි
නූගත්කමට හොඳම බෙහෙත පුස්තකාලයයි
-විපක්ෂ නායක අවධරණය කරයි-
කතානා මහින්ද යාපා අබේවර්ධන මහතා රටේ විධායකය සමග එක් වී මහා කූට ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සිටින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී චෝදනා කළේය.
අධිකරණය, ව්‍යවස්ථාදායකය සහ විධායකය යන බල කණු ත්‍රිත්වය අතර තිබෙන සංවරණ සහ තුලන පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ කුමන්ත්‍රණයේ මහා මොළකරු ලෙස ක්‍රියා කරන්නේ කතානායකවරයා වන බවට ද සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියේය.
කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාස භංග යෝජනා විවාදයේ වැඩි දුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීය.
"ප්‍රශස්ත කතා නායකවරයෙක් සතු ගුණාංග පිළිබඳව ලෝකයේ පිළි ගත් මූලධර්ම තිබෙනවා. ඒ ගුණාංග පිළිබඳව දන්නේ නැති නම් පුස්තකාලයට ගොස් අදාළ පොත් කියවා ඉගෙන ගැනීමට කතා නායකවරයා ක්‍රියා කළ යුතුයි. නූගත්කමට හොඳම බෙහෙත පුස්තකාලයයි. මේ ප්‍රශස්ත ගුණාංග මුල් කර ගෙන අපේ කතා නායක කටයුතු කර තිබෙනවාද කියා සලකා බැලිය යුතුයි."