කතානායකවරයාට සිය ධූරයට අමතරව ජනාධිපති ධූරයද දැරිය හැකියි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

කතානායකට එරෙහිව යෝජනාවක් සම්මත කර පාර්ලිමේන්තුවේ සිය බහුතරය නොපෙන් වන්නේ ඇයි..! (අමල් වීරසේකර) කතානායකවරයාට කතානායක සහ ජනාධිපති යන ධුර දෙකම දැරීමට හැකි ප්‍රතිපාදන 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්…
කතානායකට එරෙහිව යෝජනාවක් සම්මත කර පාර්ලිමේන්තුවේ සිය බහුතරය නොපෙන් වන්නේ ඇයි..!
(අමල් වීරසේකර)
කතානායකවරයාට කතානායක සහ ජනාධිපති යන ධුර දෙකම දැරීමට හැකි ප්‍රතිපාදන 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන බව එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
රටේ මේ මොහොතේ ඇති වී තිබෙන ආකාරයේ අරාජික තත්ත්වයක් ඇති වුවහොත් ආණෟඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 (2) වගන්තිය යටතේ කතානායකවරයාට ඒ සම්බන්ධයෙන් අගවිනිසුරු වෙත ලිඛිතව දන්වා යැවිය හැකි බව පෙන්වා දෙන වජිර අබේවර්ධන මහතා රට අරාජික බවට අගවිනිසුරු පිළි ගත හොත් කතානායකවරයාට ජනාධිපති ධුරය ද දැරීමට අවස්ථාව හිමි වන බවද පැවසීය.
එහිදී අගවිනිසුරුවරයා රට අරාජික වීමට හේතු විමසා බලන අතර චේතනාත්මකව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇද්දැයි යන්න පිළබඳව විමසා බලන බවද වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
කතානායක කරු ජයසූරිය මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිසේත් උල්ලංඝණය කර නොමැති අතර ඔහු ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කියනවා නම් ඔහුට විරුද්ධව යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කර ගනිමින් කතානායකවරයා ධූරයෙන් පහ කරන අතර සිය කණ්ඩායමට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන බවට ඔප්පු කිරීමට තිබෙන අවස්ථාව පැහැර හරින්නේ මන්දැයි ද ප්‍රශ්න කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
