අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කතානායකයින්ගේ කතා...

කතානායක කරු ජයසූරිය මහතාගේ ඇරයුමින් ශ්‍රී ලංකාවට පැමිණි ඕමානයේ කතානායක සහ රාජ්‍ය සභාවේ සභාපති ආචාර්ය යහ්යා මහ්ෆූඩ් අල් මන්ත්‍රී මහතා ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස සඳුදා (05) පෙරවරුවේ…

කතානායක කරු ජයසූරිය මහතාගේ ඇරයුමින් ශ්‍රී ලංකාවට පැමිණි ඕමානයේ කතානායක සහ රාජ්‍ය සභාවේ සභාපති ආචාර්ය යහ්යා මහ්ෆූඩ් අල් මන්ත්‍රී මහතා ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස සඳුදා (05) පෙරවරුවේ පාර්ලිමේන්තුව වෙත පැමිණියහ.

ආචාර්ය යහ්යා මහ්ෆූඩ් අල් මන්ත්‍රී මහතාගේ නායකත්වයෙන් යුත් මෙම දූත පිරිසට ඕමාන රාජ්‍ය සභාවේ නියෝජිතයන් වන අබ්දුල්ලා සයිඩ් අල් සයි, ආචාර්ය මූනා අහමඩ් අල් සාදූන්, ආචාර්ය සයිඩ් මුබාරක් අල් මුහරාමි, ආචාර්ය ඉස්මයිල් සාලේ, අල් අජ්බාරි සාබා බින්ට් සහ  මොහොමඩ් අල් බාලානි යන මහත්ම මහත්මීන්ට අමතරව ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ද අයත් වූහ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ලෝකයේ සෙසු රටවල පාර්ලිමේන්තු අතර අන්තර් පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව පසුගිය කාලය ඇතුළත විදෙස් රටවල් 60 කට වඩා වැඩි සංඛ්‍යාවක් සමග ශක්තිමත් සබඳතා ඇති කර ගැනීමට හැකි විය.

දැන්වීම

මෙම වැඩ සටහන යටතේ කතානායක කරු ජයසූරිය මහතාගේ ඇරයුමින් පසුගිය සඳුඳා දිවයිනට පැමිණි ඕමාන කතානායකවරයා ප්‍රමුඛ දූත පිරිස ජනාධිපතිවරයා අගමැතිවරයා  සහ විදෙස් ඇමතිවරයා ද හමු වූහ.ඕමාන දූත පිරිස සමග පැවැති සාකච්ඡාවට කතානායක කරු ජයසූරිය මහතා සමග ලසන්ත අලගියවන්න, ඉරාන් වික්‍රමරත්න යන නියෝජ්‍ය ඇමතිවරු සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ද එක් වූහ.

මෙහිදී ඕමාන කතානායකවරයා ප්‍රමුඛ දූත පිරිස සඳහන් කළේ ලෝකයේ රටවල් අතරින් ශ්‍රී ලංකාව යනු ඒ ය  බෙහෙවින් ඇළුම් කරන රටක් බවය.ශ්‍රී ලංකාවේ වෘතිකයින්ට ගැලපෙන රැකියා අවස්ථා සැලසීම,  ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු සඳහා සිය රටෙහි ආයෝජකයන් දිරිමත් කිරීම සහ  මෑතක සිට මැද පෙරදිග වැසියන් සංචාරය කිරීමට ඉතා උනන්දුවක් දක්වන රටක් වන ශ්‍රී ලංකාව සමග සංචාරක කර්මාන්තයෙහි සබඳතා ප්‍රවර්ධනය කිරිම ආදිය පිළිබඳව මේ  සාකච්ඡාවේ දී විශේෂ අවධානය යොමු වූ අතර දෙරට අතර ආරම්භ වී ඇති අන්තර් පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කෙරිණ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කතානායකයින්ගේ කතා... | Lanka Newsweek