අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කතානායකට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි

කතානායකට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අන්තර් පාර්ලිමේන්තු සංගමයට සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට ලිඛිතව පැමිණිලි කර තිබේ. දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ…

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අන්තර් පාර්ලිමේන්තු සංගමයට සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට ලිඛිතව පැමිණිලි කර තිබේ. 

දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී විපක්ෂයට නිසි ලෙස කාලය ලබා නොදීම සම්බන්ධයෙන් එමගින් එම විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කර ඇති අතර මෙම ක්‍රියාව හේතුවෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට හානි වූ බව ද පෙන්වා දී ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ජාත්‍යන්තරයට මෙසේ පැමිණිලි කර තිබෙන්නේ නිදහස ජනතා සභාව සහ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසකි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කතානායකට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි | Lanka Newsweek