අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කතානායකට ඉන්දීය අගමැතිගෙන් උණුසුම් පිළි ගැනීමක්..!

කතානායකට ඉන්දීය අගමැතිගෙන් උණුසුම් පිළි ගැනීමක්..!

(සුජිත් මංගල ද සිල්වා) ඉන්දිය පාර්ලිමේන්තුවේ විශේෂ ආරාධනය පරිදි එර‍ට බලා පිටත් වූ කථානායක කරු ජයසුරිය මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධී හමුවූහ. මෙහිදී ඉන්දිය…

(සුජිත් මංගල ද සිල්වා)

ඉන්දිය පාර්ලිමේන්තුවේ විශේෂ ආරාධනය පරිදි එර‍ට බලා පිටත් වූ කථානායක කරු ජයසුරිය මහතා  ප්‍රමුඛ පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධී හමුවූහ.

මෙහිදී  ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි  සහ ශ්‍රී ලංකා කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් අතර විනාඩි 45ක දීර්ඝ ද්වීපාර්ශවික  සාකච්ඡාවක් සිදු විය.

ඛණිජ තෙල් අර්බුදය හේතුවෙන් රාජ්‍ය අංශයේ අවධානය වෙනත් අංශ ගණනාවක්  වෙත යොමුව පැවතිය ද  කරු ජයසුරිය මහතා ඇතුළු ධූත පිරිස වෙනුවෙන් ඉන්දිය අග්‍රාමත්‍යවරයා  සැලකිය යුතු  කාලයක් වෙන් කරමින් සාකච්ඡාවට එළඹීම පිළිබඳව  ඉන්දිය මාධ්‍යයන්හි විශේෂ අවධානයක් යොමු වී තිබේ.

ශ්‍රී ලංකා නියෝජිත පිරිසට  විපක්ෂ නායක ආර්.සම්බන්දන්,අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ් හකීම් ,ගයන්ත කරුණාතිලක,මනෝ ගනේෂන් යන මහත්වරුන් සහ  ඩග්ලස් දේවානන්ද ,විජිත හේරත් යන මන්ත්‍රීවරුන්ද,පාර්ලිමේමේන්තු  මහ ලේකම් දම්මික දසනායක මහතා ද අයත් වෙති.

කතානායකට ඉන්දීය අගමැතිගෙන් උණුසුම් පිළි ගැනීමක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කතානායකට ඉන්දීය අගමැතිගෙන් උණුසුම් පිළි ගැනීමක්..! | Lanka Newsweek