අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කතානායකට අමරපුර නිකායෙන් විශේෂ ගෞරව සම්මානයක්..!

කතානායකට අමරපුර නිකායෙන් විශේෂ ගෞරව සම්මානයක්..!

(නායක බණ්ඩාර) කථානායක කරු ජයසූරිය මහතාට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායෙන් විශේෂ ගෞරව සම්මාණයක් පිරිනැමිනි. මෙම ගෞරව සම්මානය පිරිනමා ඇත්තේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ…

(නායක බණ්ඩාර)

කථානායක කරු ජයසූරිය මහතාට ශ්‍රී ලංකා අමරපුර  මහා  නිකායෙන් විශේෂ ගෞරව සම්මාණයක් පිරිනැමිනි.

මෙම ගෞරව සම්මානය පිරිනමා ඇත්තේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ  උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(08) පැවැති උත්සවයකදී යි.

අතිපූජ්‍ය වැලිතර ශ්‍රී ඥාණවිමල තිස්සාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අමරපුර නිකායේ ආරම්භක ස්වාමීන්වහන්සේ විසින් බුද්ධ වර්ෂ 2346 දී ශ්‍රී ලංකා අමරපුර නිකාය ආරම්භ කිරීම සිහිකරමින් උන්වහන්සේට කෘතගුණ සැලකීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති උත්සවයක් අතරතුර දී මෙම සම්මානය පිරිනැමීම විශේෂත්වයකි.

මෙම උත්සවයට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා ඇතුළු කරූ ජයසූරිය මහතාගේ පවුලේ සාමාජිකයන් ඇතුලු ගිහි පැවිදි බොහෝ පිරිසක් සහභාගි වී සිටියහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කතානායකට අමරපුර නිකායෙන් විශේෂ ගෞරව සම්මානයක්..! | Lanka Newsweek