කතරගම වාසනාගේ බැමි ලිහිල් කරයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(ශානිකා ශිරෝමාලි) ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යයේ දේව කරඬුව වැඩම කරවන වාසනා ඇතා මද කිපීමෙන් පසුව බැමි ලිහීමේ චාරිත්‍රය ඉකුත් (06) වෙනිදා කතරගම පුදබිම පරිශ්‍රයේ දී සිදු කෙරිණි.…
(ශානිකා ශිරෝමාලි)
ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යයේ දේව කරඬුව වැඩම කරවන වාසනා ඇතා මද කිපීමෙන් පසුව බැමි ලිහීමේ චාරිත්‍රය ඉකුත් (06) වෙනිදා කතරගම පුදබිම පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නායක ස්වාමීන්වහන්සේ සහ රුහුණු කතරගම මහා දේවාලයේ කපු මණ්ඩලයේ සාමාජිකයින් සහභාගිවි සිටියේය. මෙවර ඇසල මංගල්‍යය ජූලි 29 වෙනිදා ආරම්භවී අගෝස්තු 12 වෙනිදා අළුයම මැණික් ගඟේ දිය කැපීමෙන් නිමාවට පත්වේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1