අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කඩවත වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව මරුට..!

කොස්ගමදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කෙරේ

කඩවත ගෝනහේන මංසන්ධියේ අද (07) දහවල් සිදු කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව මිය ගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස මිය ගොස් ඇත්තේ කඩවත රන්මුතුගල ප්‍රදේශයේ…

කඩවත ගෝනහේන මංසන්ධියේ අද  (07) දහවල් සිදු කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා  රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ කඩවත රන්මුතුගල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි දෙදරු මවකි.

අද දහවල් අය යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක් අයට වෙඩි තබා පළා ගොස් තිබිණ. පසුව පොලිසිය කළ සෝදිසියකින් අනතුරුව යතුරු පැදිය රන්මුතුගල ප්‍රදේශයේඩි සොයා ගෙන ඇත.

මිය ගිය කාන්තාවට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී  සැමියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී තිබූ අතර පසුව මිට මාසයක පෙර  මෙම කාන්තාව අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබේ.

අද දින මෙම කාන්තාව  මහර අධිකරණයට ගොස් ආපසු නිවස බලා එමින් සිටියදී ඇයට මෙම  වෙඩි තැබීම සිදු කර ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කඩවත වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව මරුට..! | Lanka Newsweek