කට වචනයට පමණක් සීමා නොවී - ක්‍රියාවෙන්ම පරිසරය ආරක්ෂා කළ යුතුයි : විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

(අචින්ත මධුර) දේශගුණික විපර්යාස මානව පැවැත්මට තර්ජනයක් වී ඇති කාලයක ගෝලීය අර්බුද, සාමූහික හා ද්විපාර්ශ්වික උත්සාහයක් හරහා විසඳා ගත යුතු බවත්, ප්‍රකාශනවලින් ඔබ්බට ගොස්, ක්‍රියාමාර්ග ගනිමින් පරිසරය…
(අචින්ත මධුර)
දේශගුණික විපර්යාස මානව පැවැත්මට තර්ජනයක් වී ඇති කාලයක ගෝලීය අර්බුද, සාමූහික හා ද්විපාර්ශ්වික උත්සාහයක් හරහා විසඳා ගත යුතු බවත්, ප්‍රකාශනවලින් ඔබ්බට ගොස්, ක්‍රියාමාර්ග ගනිමින් පරිසරය ආරක්ෂා කිරීමට හදීසි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
විපක්ෂ නායක වරයා මේ අදහස් ප්‍රකාශ කළේ පාරිසරික හා දේශගුණික අභියෝග සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනය සහ සාමූහික ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය (The Parliamentary Climate Caucus) සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා රැස් වූ අවස්ථාවේ දීය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක වරයා පෙන්වා දුන්නේ ප්‍රජා හරිත බලශක්ති කලාප සඳහා මුලපිරීම තුළින් තිරසාර සංවර්ධනය, රැකියා උත්පාදනය සහ හරිත බලශක්ති ව්‍යාප්තිය සඳහා උත්ප්‍රේරකයක් ලෙස සේවය කළ හැකි බවත් එහි දී පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන, ජෛව විවිධත්වය ආරක්ෂා කරන සහ අනාගත පරම්පරාවන් ආරක්ෂා කරන ප්‍රතිපත්තිවලට සහාය ලබා දිය යුතු බවත්ය.
දැන්වීම
මෙම හමුව සඳහා දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන්ගෙන් සමන්විත පිරිසක් සහභාගී විය.
