අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කටකතාවලට නොරැවටී සන්සුන්ව ක්‍රියා කරන්නයැයි ජනපති ජනතාවගෙන් ඉල්ලයි..!

කටකතාවලට නොරැවටී සන්සුන්ව ක්‍රියා කරන්නයැයි ජනපති ජනතාවගෙන් ඉල්ලයි..!

අනපේක්ෂිත සිද්ධිය හමුවේ කටකතාවලට නොරැවටී බුද්ධිමත්ව සහ සන්සුන්ව ක්‍රියා කරන්නයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…

අනපේක්ෂිත සිද්ධිය හමුවේ කටකතාවලට නොරැවටී බුද්ධිමත්ව සහ සන්සුන්ව ක්‍රියා කරන්නයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ එම නිවේදනය මෙසේය.

"කිසි විටෙක බලාපොරොත්තු නොවු සිදුවීමක්  සිදු වී තිබෙනවා.  මා  මෙන්ම ලක් වැසි සියලු දෙනාම  දැඩි ලෙස  වේදනාවට සහ කම්පනයට පත්ව සිටිනවා. මෙම ප්‍රහාර පිටුපස ඇත්තේ කුමන  කුමන්ත්‍රණයක්ද  යන්න තවම පැහැදිලි නැහැ. මේ පිළිබඳව සෙවීම සඳහා ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. ඔවුන්  මේ වන විට  ඒ අනුව ක්‍රියාත්මක වෙනවා.

ජනතාවට සන්සුන්ව සිටින ලෙස මා ඉල්ලා සිටිනවා. අනවශ්‍ය කටකතා වලට රැවටෙන්න එපා.  කිසිදු අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. රජය මේ සම්බන්ධ පියවර‍ රැගෙන තිබෙනවා.  එම වගකීම් ඉටු කරනවා."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කටකතාවලට නොරැවටී සන්සුන්ව ක්‍රියා කරන්නයැයි ජනපති ජනතාවගෙන් ඉල්ලයි..! | Lanka Newsweek