අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කජිමාවත්තේ නිවාස අහිමි වූවන්ට කඩිනමින් නිවාස ලබාදීමට ජනපතිගෙන් උපදෙස්

කජිමාවත්තේ නිවාස අහිමි වූවන්ට කඩිනමින් නිවාස ලබාදීමට ජනපතිගෙන් උපදෙස්

කොළඹ කජිමාවත්තේ පදිංචි, නිවාස අහිමි සියලු පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. නිවාස ලබාදීමේ රජයේ ප්‍රතිපත්ති…

කොළඹ කජිමාවත්තේ පදිංචි, නිවාස අහිමි සියලු පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නිවාස ලබාදීමේ රජයේ ප්‍රතිපත්ති සහ නිර්ණායකයන්ට අනුකූලව එම කටයුතු සිදු කරන ලෙසද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ කජීමා වත්ත නිවාස ගැටලුව පිළිබඳ බදාදා (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

කොළඹ නාගරික බල ප්‍රදේශයේ පවතින ඌන උපයෝජිත රජය සතු ගොඩනැගිලි සහ ඉඩම් පිළිබඳව සොයා බලා එම ඉඩම් වාණිජ කටයුතු සඳහා සංවර්ධනය කර ලබාදීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දැන්වීම

එම වැඩ පිළිවෙළ රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් පෞද්ගලික ආයෝජන මගින් ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම කොළඹ නගර සීමාව ආශ්‍රිතව දැනට ක්‍රියාත්මක වන රජයේ නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා රජය මගින් තව දුරටත් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පැහැදිළි කළ අතර පවතින ආර්ථික තත්ත්වය හමුවේ එවැනි ක්‍රියා මාර්ග ගැනීම දුෂ්කර වුවද ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද වැඩි දුරටත් සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ද, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි, කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානී ජයවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු අදාළ ආයතනවල නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කජිමාවත්තේ නිවාස අහිමි වූවන්ට කඩිනමින් නිවාස ලබාදීමට ජනපතිගෙන් උපදෙස් | Lanka Newsweek