අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඖෂධ අධිකාරියේ සභාපතිට එරෙහිව ඖෂධ සමාගම් නඩු මඟට

ඖෂධ අධිකාරියේ සභාපතිට එරෙහිව ඖෂධ සමාගම් නඩු මඟට

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ එහි සභාපතිවරයා ජනාධිපතිවරයා ප්‍රධාන වත්මන් රජය අපහසුතාවට පත් වන අයුරින් සැලසුම්සහගත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධාන චෝදනා කර…

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ එහි සභාපතිවරයා ජනාධිපතිවරයා ප්‍රධාන වත්මන් රජය අපහසුතාවට පත් වන අයුරින් සැලසුම්සහගත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධාන චෝදනා කර සිටියි. 

ඊට හොඳම උදාහරණය වන්නේ ඖෂධ වර්ග 11ක සිල්ලර මිල වැඩි කළේ යැයි කියමින්, ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ඖෂධ ආනයනය කරන සුප්‍රසිද්ධ සහ කීර්තිමත් ඖෂධ සමාගම් පහක ලියාපදිංචි බලපත්‍රය සහ ඖෂධ ආනයන බලපත්‍රය තහනම් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ එහි සභාපතිවරයා ක්‍රියා කිරීම බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පෙන්වා දෙයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ එහි සභාපතිවරයා ගෙන ඇති මෙම අත්තනෝමතික ක්‍රියාමාර්ගය හේතුවෙන් අනාගතයේ ඖෂධ හිඟයක් ද නිර්මාණය වනු ඇතැයි අනතුරු අඟ වන පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධාන අවධාරණය කර සිටින්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා එම ධූරයෙන් වහාම පහ කර වඩාත් සුදුස්සෙකු ඊට පත් කළ යුතු බවය.

දැන්වීම

මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රධාන එහි සභාපතිවරයාගේ මෙම අත්තනෝමතික තීරණය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට නොහැකි වුව හොත් අදාළ සභාපතිවරයාට සහ අධිකාරියට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර ඇති බව ද පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය අවධාරණය කර සිටියි.  

ඖෂධ අධිකාරියේ සභාපතිට එරෙහිව ඖෂධ සමාගම් නඩු මඟට

ඖෂධ අධිකාරියේ සභාපතිට එරෙහිව ඖෂධ සමාගම් නඩු මඟට

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඖෂධ අධිකාරියේ සභාපතිට එරෙහිව ඖෂධ සමාගම් නඩු මඟට | Lanka Newsweek