ඕනෑම රටක පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ විපක්ෂය විනා ආණ්ඩු පක්ෂය නොවෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

පාර්ලිමේන්තුව කඩාකප්පල් කරමින් “මහින්ද පාර්ශවය” ආණ්ඩුව නොව විපක්ෂය බව ඔප්පු කරලා..! ඊනියා ආණ්ඩුව විශ්වාස භංග දෙකක්ම පරාදයි..! (සුජිත් මංගල ද සිල්වා) ලෝකයේ රටවල පාර්ලිමේන්තු රැස්වීම් වර්ජනය කරන්නේ සහ…
පාර්ලිමේන්තුව කඩාකප්පල් කරමින් “මහින්ද පාර්ශවය” ආණ්ඩුව නොව විපක්ෂය බව ඔප්පු කරලා..!
ඊනියා ආණ්ඩුව විශ්වාස භංග දෙකක්ම පරාදයි..!
(සුජිත් මංගල ද සිල්වා)
ලෝකයේ රටවල පාර්ලිමේන්තු රැස්වීම් වර්ජනය කරන්නේ සහ පාර්ලිමේන්තුවෙන් පැන යන්නේ ආණ්ඩු පක්ෂය නොව විපක්ෂය යැයි එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධරණය කර සිටියි.
කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ පැන යන්නේ සහ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට ක්‍රියා කරමින් සිටින්නේ ද ඊට අදාළව කූට සැලසුම් සකස් කරමින් සිටින්නේද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආණ්ඩුව බව ද ඔහු පෙන්වා දුන්නේය.
එමඟින් පැහැදිළි වන්නේ එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් පහ කර මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිහිටු වනු ලැබූ ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධි, නීති විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියා දාමයක් වන අතර එම පාර්ශවය පාර්ලිමේන්තුවේ සුළු තර විපක්ෂය විනා අග්‍රාමාත්‍යවරයෙකු ප්‍රධාන ආණ්ඩුවක් නොවන බව යැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ අදහස් පළ කළේ රටේ උද්ගත් වී තිබෙන දේශපාලන යථාර්තය සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයින් දැනුම්වත් කරමිනි.
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීතිය, ජනතා අභිලාශ සහ දේශපාලන සදාචාරය උල්ලංඝණය කරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩ නැගූ ඊනියා ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී සිවු වතාවක් එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන බලවේග මඟින් පරාජයට පත් කෙරුණු බව පෙන්වා දුන් ලක්ෂමන් කිරිඇල්ල මහතා මහින්ද රාජපක්ෂ පාර්ශවයට 113ක බහුතරයකට ළඟා වීමටවත් නොහැකි බව එමගින් පැහැදිළි වන්නේ යැයි ද අවධාරණය කළේය.
මහින්ද රාජපක්ෂ ප්‍රධාන පාර්ශවයට පාර්ලිමේන්තුවේ 113ක බහුතරය තබා ඊට ආසන්න වීමටවත් නොහැකි වී ඇති බව හෙළි වන්නේ, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයින් පත් කරමින් කතානායක කරු ජයසූරිය මහතා ඉදිරි පත් කළ නම් ලැයිස්තුවට නොවැම්බර් මස 23 වැනිදා පක්ෂව ඡන්ද 121ක් ලැබීම ද, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ආණ්ඩුවට එරෙහිව 2018 නොවැම්බර් මස 14 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව විපක්ෂය 122ක බහුතරයකින් ජය ගැනීම ද, එම ජයග්‍රහණයම ආණ්ඩු පක්ෂයේ කඩාකප්පල්කාරී ක්‍රියා මධ්‍යයේ නොවැම්බර් මස 19 වැනිදා යළි තහවුරු කර ගැනීම සහ ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඔක්තෝබර් මස 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා පත් කර, ඊට පසුව පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී නොවැම්බර් මස 07 වැනිදා නිල නොවන මට්ටමෙන් රැස් වූ එක්සත් ජාතික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල නියෝජිතයින් 116ක් ජනාධිපතිවරයා ගත් පියවර සම්බන්ධයෙන් සිය විරෝධය කතානායකවරයා වෙත ලිඛිතව දැනුම් දෙමින් ඊට එරෙහිව ගත හැකි සියලු පියවර ගන්නා ලෙස ඉල්ලා සිටීමෙන් යැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2