අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඔස්ටින් ප්‍රනාන්දු ජනපතිගේ තොරතුරු අගමැතිට දී ලා..!

ඔස්ටින් ප්‍රනාන්දු ජනපතිගේ තොරතුරු අගමැතිට දී ලා..!

මුදල් අමාත්‍යංශ ලේකම් පිළිබඳ ජනපති නියෝගය ක්‍රියාත්මක කර නැහැ..! ඔස්ටින් ප්‍රනාන්දුට ජනපති ලේකම්කම අහිමි වුණේ මෙහෙමයි..! (උපුල් බණ්ඩාර) ඔස්ටින් ප්‍රනාන්දු මහතාට ජනාධිපති ලේකම් ධූරයෙන් හදිසියේම ඉල්ලා…

මුදල් අමාත්‍යංශ ලේකම් පිළිබඳ ජනපති නියෝගය ක්‍රියාත්මක කර නැහැ..!

ඔස්ටින් ප්‍රනාන්දුට ජනපති ලේකම්කම අහිමි වුණේ මෙහෙමයි..!

ඔස්ටින් ප්‍රනාන්දු ජනපතිගේ තොරතුරු අගමැතිට දී ලා..!

(උපුල් බණ්ඩාර)

ඔස්ටින් ප්‍රනාන්දු මහතාට ජනාධිපති ලේකම් ධූරයෙන් හදිසියේම ඉල්ලා අස්වීමට සිදුව තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සම්බන්ධයෙන් දුන් නියෝගයක් පිළිබඳ තොරතුරු ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් මත බවට “lankanewsweek” වෙත තොරතුරු හෙළි වී තිබේ.

මුදල් අමාත්‍යංශයේ වැඩ පිළිවෙළ,ක්‍රියා මාර්ග සහ සැලසුම් පිළිබඳව යම් විවේචනාත්මක ස්ථාවරයක සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා එම ධූරයෙන් පහ කරන්න යැයි ඔස්ටින් ප්‍රනාන්දු මහතාට නියෝග කර තිබේ.

එහිදී ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා කර තිබෙන්නේ ජනාධිපතිවරයාගේ එම නියෝගය ක්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දීමය.

එම තොරතුර ලැබුණු විගස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කර තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කරමින් ඔහු ගන්න යන තීන්දුව තමා දන්නා බව අඟවා,  ජනාධිපතිවරයාට එම පියවර ගත නොහැකි පසුබිමක් නිර්මාණය කිරීමය.

මේ සිද්ධිය හේතුවෙන් ජනාධිපති ලේකම්වරයා ලෙස ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ විශ්වාසය සාපරාධී ලෙස කඩ වී ඇති අතර හදිසියේම ඔහුට එම ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුව තිබෙන්නේ එම පසුබිම මතය.

  ඔස්ටින් ප්‍රනාන්දු ජනපතිගේ තොරතුරු අගමැතිට දී ලා..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඔස්ටින් ප්‍රනාන්දු ජනපතිගේ තොරතුරු අගමැතිට දී ලා..! | Lanka Newsweek