අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඔවුන් මාරුවෙන් මාරුවට රටට කළ විනාශයේ ප්‍රථිපල - ජීනීවා මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකාවට දැඩි තරවටුවක්..?

ඔවුන් මාරුවෙන් මාරුවට රටට කළ විනාශයේ ප්‍රථිපල - ජීනීවා මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකාවට දැඩි තරවටුවක්..?

එක්සත් ජාතීන්ගේ ජීනීවා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට දැඩි තරවටුවක්ද සමගින් ඉදිරි වසර දෙක තුල සම්පුර්ණ කිරීමට ලබාදී ඇති නිර්දේශයන්. 01 ශ්‍රී ලංකාවි සිදුවී ඇති යුද අපරාධ සදහා බාහිර විමර්ශන කිරීමේ…

එක්සත් ජාතීන්ගේ ජීනීවා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට දැඩි තරවටුවක්ද සමගින් ඉදිරි වසර දෙක තුල සම්පුර්ණ කිරීමට ලබාදී ඇති නිර්දේශයන්.

01 ශ්‍රී ලංකාවි සිදුවී ඇති යුද අපරාධ සදහා බාහිර විමර්ශන කිරීමේ කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම.

02 දේශීය වශයෙන්ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බල කිරීම.

දැන්වීම

03 කල් දමා ඇති පළාත් සභා මෑතිවරණය වහාම පැවැත්වීම නිර්දේශ කර තිබේ.

04 ත්‍රස්තවාදය වැළැක්මේ පනත සංශෝධනය කිරීම හෝ ඉවත් කිරීම.

05 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත පනත සංශෝධනය කිරීම.

06 කළමනාකරණය විධිමත් කර දූෂණය දුරු කිරීම.

07 සමූහ මිනීවල කැනීම්වලට ජාත්‍යන්තර සහාය ලබාගැනීම.

08 පළිගැනීම් නවත්වා නඩු විභාගවලට පෙර රඳවා තබාගැනීම් අවම කිරීම.

09 ප්‍රකාශනයේ නිදහස තහවුරු කිරීම.

මේක ඉතාමත් භයානක තත්වයක්. අපි ලෝකය තුල හුදකලා වෙලා ඉවරයි. මේ තත්වය ඇතිවෙයි කියලා අපි මේ මෝඩ පාලයන්නට අනතුරු ඇඟෙව්වේ බලය ගත්ත දවසේ ඉඳන්. අපි වෙනූවෙන් කතා කරන්න කිසිවෙකු ඉදිරිපත්වී නෑ.

තඹුත්තේගම ලිං මැඩි දේශපාලන විසින් ජාත්‍යන්තර මැදිහත්වීමක් සඳහා පාරක් කපාදී ඇත. මේ ආණ්ඩුව මේ දක්වා ගෙන ගිය ව්‍යවස්ථාපිත ඒකාධිපතිවය තුලින් ජාත්‍යන්තර මැදිහත්වීමකට පාර කැපී ඇත. ඇත්තටම රාජ්‍ය තාන්ත්‍රිකභාවය සම්බන්ධව දශමයක දැනුමක් නැති ජනාධිපති ඇතුළු මේ තක්කඩි පාලකයන් දැනටමත් මේවාට යටත් වී ඇති දැයි බරපතල සැකයක් තියනවා.

මෙවැනි ජාත්‍යන්තර පීඩනයක් දී ශ්‍රී ලංකාව මානව හිමිකම් කොමිෂමේ නිර්දේශවලට හිර කිරීමේ උත්සාහය ඉතා පැහැදිලිය. තිස් අවූරදු යුද්ධය අවසන් කළ රණවිරුවන් දං ගෙඩියට ගෙනයාමේ බටහිර සැලැස්ම මේ නිර්දේශ තුල සඟවා ඇති ආකාරය මනාව පැහැදිලියි.

ඇත්තටම අනුරට රණවිරුවන් යුධ සෙබළුන් වීම අහම්භයක් නෙවෙයි වගේම සරත් ෆොන්සේකා මහින්ද මැරෙන තුරු කකුල් දෙකෙන් එල්ලලා තියන්න ඕනි කියන්නෙත් නිකං නෙවෙයි.

- RRMC -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඔවුන් මාරුවෙන් මාරුවට රටට කළ විනාශයේ ප්‍රථිපල - ජීනීවා මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකාවට දැඩි තරවටුවක්..? | Lanka Newsweek