අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

සෞඛ්‍ය

ඔබත් මැදිවියේ පිරිමියෙක්ද.. ? එසේ නම් පුරස්ථි ග‍්‍රන්ථියේ පිළිකා ගැන දැනුවත් වෙන්න..!

ඔබත් මැදිවියේ පිරිමියෙක්ද.. ? එසේ නම් පුරස්ථි ග‍්‍රන්ථියේ පිළිකා ගැන දැනුවත් වෙන්න..!

‘පිළිකා’ ඇහුවත් අප තුළ ඇතිවන්නේ බියක්. ඒත් පිළිකාව කියන්නේ මුළු මිනිස් ඉතිහාසය පුරාම අපත් සමග සෙවනැල්ල වාගේ ආව දෙයක්. මේ වන විට මානව විද්‍යාඥයින් කර ඇති පර්යේෂණවලින් ගල් යුගයේදී පවා මිනිසා පිළිකාවෙන්…

‘පිළිකා’ ඇහුවත් අප තුළ ඇතිවන්නේ බියක්. ඒත් පිළිකාව කියන්නේ මුළු මිනිස් ඉතිහාසය පුරාම අපත් සමග සෙවනැල්ල වාගේ ආව දෙයක්.

මේ වන විට මානව විද්‍යාඥයින් කර ඇති පර්යේෂණවලින් ගල් යුගයේදී පවා මිනිසා පිළිකාවෙන් පීඩාවිඳ ඇති බව සොයා ගෙන තිබෙනවා. වෛද්‍ය විද්‍යාවට අනුව විවිධාකාරයේ පිළිකා තිබෙනවා. ඒවා පොදුවේ ගැහැනු පිරිමි භේදයකින් තොරව හැමෝටම වැළදෙන්න පුළුවන්.

ඒත් සමහර පිළිකා වැළඳෙන්ණේ  ගැහැනුන්ට හෝ පිරිමින්ට පමණයි.‘පුරස්ථි ග‍්‍රන්ථියේ පිළිකාව’  (PROSTATE CANCER) ඒ ආකාරයේ එකක්. මේ පිළිකාව වැළඳෙන්නේ පිරිමින්ට පමණයි. වෛද්‍යවරුන්ට අනුව වයස්ගත වීම සමග තමයි පිරිමින්ට පුරස්ථි ග‍්‍රන්ථියේ පිළිකාව ඇතිවන්නේ.

දැන්වීම

ඔබත් මැදිවියේ පිරිමියෙක්ද.. ? එසේ නම් පුරස්ථි ග‍්‍රන්ථියේ පිළිකා ගැන දැනුවත් වෙන්න..!

පිරිමින්ගේ මුත‍්‍රාශයේ සිට ශිෂ්ණය දක්වා මුත‍්‍රා ගෙන යාම සඳහා සඳහා (මුත‍්‍රා ගෙන යන්නේ මේ හරහා) මුත‍්‍රාශයේ ගෙල වටා ඇති ග‍්‍රන්ථියක් තිබෙනවා. පිරිමි වයස්ගත වීම සමග පුරස්ථි ග‍්‍රන්ථියේ විශාල වීමක් සිදුවෙනවා. (ඒත් හොඳින් මතක තියා ගන්න, මේ විශාල වීම හැම විටම පිළිකාවට හේතුවක් නොවෙන්නත් පුළුවන් බව) වයස්ගත වීමත් සමග පුරස්ථි ග‍්‍රන්ථියේ සිදුවන මේ විශාල වීම නිසා මුත‍්‍රාශයට පීඩනයක් එල්ල වෙනවා. එය මුත‍්‍රාවලට නිදහසේ ගලා යාමට බාධා ඇති කරනවා. මේ නිසා ඇතිවන තත්ත්වය තමයි නිතර නිතර මුත‍්‍රා කිරීමට සිදුවීම.

ඒ සමග කොපමණ මුත‍්‍රා කළත් මුත‍්‍රාශය සම්පූර්ණයෙන් හිස්වීමක් කර ගන්නත් නොහැකි වෙනවා. මුත‍්‍රා පිට කිරීමට වෙහෙසක් දැරීමට සිදුවෙනවා. ඒත් එයත් හැම විටම පිළිකාවක් හෝ පිළිකා අවදානමක් නොවන්න පුළුවන්.

ඒත්.. මෙවැනි තත්ත්වයක් යටතේ මුත‍්‍රා සමග ලේත් පිට වෙනවා නම් එය අවදානම් තත්ත්වයක් බව වටහා ගත යුතුයි. එය බොහෝ දුරට පුරස්ථි ග‍්‍රන්ථිේ පිළිකාවක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. එනිසා,

නිතර නිතර මුත‍්‍රා කිරීමට අවශ්‍යවන,

මුත‍්‍රා කිරීමේදී වෙහෙසක් දැරීමට සිදුවන,

සම්පූර්ණයෙන් මුත‍්‍රාශය හිස් කිරීමට නොහැකි,

මුත‍්‍රා සමග ලේ පිටවන මැදිවියේ පිරිමි වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් ලබාගත යුතුයි.

(The Health ඇසුරින්)

තුෂාධවී

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න