අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඒ සැරේ 22 ට පොහොට්ටුවේ බහුතරය විරුද්ධයිලු

ඒ සැරේ 22 ට පොහොට්ටුවේ බහුතරය විරුද්ධයිලු

22 ට බාලගිරි දෝෂය වැළදී ඇත්තේ ඒ නිසාලු 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි විරෝධය පළ කිරීම හේතුවෙන් එම පනත් ක්ටුම්පත…

22 ට බාලගිරි දෝෂය වැළදී ඇත්තේ ඒ නිසාලු   

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි විරෝධය පළ කිරීම හේතුවෙන් එම පනත් ක්ටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම ගැටලුවක් බවට පත්ව තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තුව වසර දෙකහමාරකට පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලබාදීම සම්බන්ධයෙන්ද සරින් ලංකා පොදු ජන පෙරමුණ දැඩි විරෝධය පළ කර ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් බී දිසානායක සහ ආචාර්ය සරත් වීරසේකර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කර ඇති අතර,එම තත්ත්වය මත එම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කර ගැනීම අර්බුදයක් බවට පත්ව ඇත. 

දැන්වීම

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගෙවුණු සතියේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සහ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ හමුවේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර ඇත.

එහි විශේෂත්වය වන්නේ එම සාකච්ඡා දෙකේදීම විජයදාස රාජපක්ෂ ඇමතිවරයා හැරුණු විට වෙනත් කිසිවකුත් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව අදහස් දැක්වීමෙන් වැළකී සිටීමය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඒ සැරේ 22 ට පොහොට්ටුවේ බහුතරය විරුද්ධයිලු | Lanka Newsweek