ඒකාබද්ධය පළාත් පාලනයට තනිවම එයි-දිස්ත්‍රික් තුනකට ඇප වෙයි

(සුජිත් මංගල ද සිල්වා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට තීරණය කර ඇතැයි එම පෙරමුණේ…
(සුජිත් මංගල ද සිල්වා)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට තීරණය කර ඇතැයි එම පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගාල්ල,ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික් සඳහා අද (27)අදාළ ඇප මුදල් ද තැන්පත් කරනු ලැබීය.මේ අතර කොළඹ,අනුරාධපුරය සහ පුත්තලම යන දිස්ත්‍රික් සඳහා හෙට (28) ඇප මුදල් තැන්පත් කරන බව එම පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek”වෙත පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය සමග එකට එක්ව පළාත් පාලන මැතිවරණයට තරඟ කළ හොත් එම කණ්ඩායමේ බංකොලොත්භාවයත් ඒකාබද්ධ විපක්ෂයේ ශක්තියත් රට හමුවේ හෙළිදරව් නොවන නිසා බහුතරයේ මතය වී තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පළාත් පාලන මැතිවරණයට තරඟ කළ යුතුය යන්න පිළිබඳව යැයි ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.