අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඒකාධිපති විධායකය අහෝසියි..!

ඒකාධිපති විධායකය අහෝසියි..!

ජනපති-අගමැති-විපක්ෂ නායක එක්වෙති..! විධායකය අහෝසි කිරීමේ යෝජනාව ජනපතිම ඉදිරිපත් කරයි..! ජවිපෙ-TNA පූර්ණ සහය..! මෛත්‍රීපාල සිරිසේන නාමික ජනපතිකමට..! (සුජිත් මංගල ද සිල්වා) විධායක ජනාධිපති ධූරය අහෝසි…

ජනපති-අගමැති-විපක්ෂ නායක එක්වෙති..!

විධායකය අහෝසි කිරීමේ යෝජනාව ජනපතිම ඉදිරිපත් කරයි..!

ජවිපෙ-TNA පූර්ණ සහය..!

දැන්වීම

මෛත්‍රීපාල සිරිසේන නාමික ජනපතිකමට..!

ඒකාධිපති විධායකය අහෝසියි..!

(සුජිත් මංගල ද සිල්වා)

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරු මේ වන විට අවසන් එකඟතාවයකට පැමිණ සිටිති.

ඊට අමතරව මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ ද පූර්ණ එකඟතාවය,සහයෝගය සහ අනුමැතිය ලැබී තිබේ.

මේ නායකයින් තිදෙනා මේ කාරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර මේ අවසන් එකඟතාවයට පැමිණියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෙනසුරාදා (02) ඉන්දියාවේ සංචාරය කිරීමට පෙර දිනයේය.

ඊට පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් හමුවී මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු සාකච්ඡා කරමින් ඊට අදාළව විශේෂ සැලසුමක් ද සකස් කර තිබේ.

මේ අනුව විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට අදාළ යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ම කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට හෙට අනිද්දාම ඉදිරිපත් කිරීමට නියමිතය.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක නොවන නාමමාත්‍ර ජනාධිපතිවරයා වශයෙන් ඉදිරි අවුරුදු පහ සඳහා ද පාර්ලිමේන්තුවෙන් පත් කර ගැනීමට නියමිතය.

ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ,ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ පූර්ණ එකඟතාවය පළ වී තිබේ.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කිරීමෙන් පසුව ඒ සඳහා ජන මත විචාරණයකින් ද අනුමැතිය ගැනීමට නියමිතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඒකාධිපති විධායකය අහෝසියි..! | Lanka Newsweek