ඒකාධිපති රාජපක්ෂ රෙජීමය ජනපතිගේ කකුලෙන් අදිනවා

රට කරවන්න ඉඩ දෙන්නේ නැහැ රෙජිමයට දේශපාලන අනාගතයක් නැහැ නව ලංකා නිදහස් පක්ෂය කියයි මහා ජනතාවගේ විරෝධය, නොපිළිගැනීම සහ කලකිරීම හේතුවෙන් ඒකාධිපති රාජපක්ෂ රෙජිමයට දේශපාලන වශයෙන් යළි කවදාවත් නැගී සිටීමට…
රට කරවන්න ඉඩ දෙන්නේ නැහැ
රෙජිමයට දේශපාලන අනාගතයක් නැහැ
නව ලංකා නිදහස් පක්ෂය කියයි
මහා ජනතාවගේ විරෝධය, නොපිළිගැනීම සහ කලකිරීම හේතුවෙන් ඒකාධිපති රාජපක්ෂ රෙජිමයට දේශපාලන වශයෙන් යළි කවදාවත් නැගී සිටීමට නොහැකි යැයි නව ලංකා නිදහස් පක්ෂයේ නායක සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ජනාධිපතිවරයා බලාපොරොත්තු වූ ආධාර තවමත් ලැබී නොමැති හෙයින් ඉදිරි වසර මීට වඩා අර්බුදකාරී විය හැකි බව පෙන්වා දෙන කුමාර වෙල්ගම මහතා අර්බුදයෙන් රට ගොඩගැනීමට වත්මන් ජනාධිපතිවරයාට හැකියාව පැවතියත් එසේ රට යළි ගොඩනැගීමට ඒකාධිපති රාජපක්ෂ රෙජීමය ඔහුට ඉඩ නොදෙන බවද පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතාට ආර්ථිකය ගොඩනැගීම කළ හැකි වුවත් ඔහුට ඒ සඳහා ඉඩ නොදෙන්නේ ඒකාධිපති රාජපක්ෂ රෙජීමය බවත් ඔවුන් කිට්ටු කර ගත හොත් රනිල් වික්‍රමසිංහ මහතාට කොයි මොහොතක හෝ පස්ස බිම ඇන ගැනීමට සිදු වන බවත් කුමාර වෙල්ගම මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.