අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඒකාධිපතිත්වය තහවුරු කරන දරුණු Online පනත වහා හකුලා ගනු

ඒකාධිපතිත්වය තහවුරු කරන දරුණු Online පනත වහා හකුලා ගනු

මේ පනතින් ආණ්ඩුව කරන්නේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහිමි කිරීමයි ජනපතිගේ ආරක්ෂාව විතරක් තහවුරු කර ගැනීම අරමුණයි රජය සෑම අයුරකින්ම ජනතාවගේ කතා කිරීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහෝසි…

මේ පනතින් ආණ්ඩුව කරන්නේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහිමි කිරීමයි 

ජනපතිගේ ආරක්ෂාව විතරක් තහවුරු කර ගැනීම අරමුණයි 

රජය සෑම අයුරකින්ම ජනතාවගේ කතා කිරීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහෝසි කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරිමටත් සූදානම් වන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී චෝදනා කර සිටියේය. 

යම් පුද්ගලයකු රජයට විරුද්ධව මතයක් දැරුව හොත් ප්‍රතිත්‍රස්ත පනත යටතේ, සිර ගත කිරීමේ හැකියාවක් පවතින බවත් මාර්ග ගත ක්‍රම සුරක්ෂිතතා පනත් කෙටුම්පත ලෙස නම් කර ඇති පනත හරහා ද දඩුවම් පැනවීමේ උත්සාහයක් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

මෙම වාරණ ක්‍රමවේද සම්බන්ධයෙන් Apple, Amazon, Meta, Pinterest, Google, LinkedIn, booking.com ආදී සමාගම්වල Asia Internet Coalition බරපතළ විරෝධය පළ කර ඇති බවත්, ඔවුන් ශ්‍රී ලංකාව අතහැර ගිය හොත් විදේශ ආයෝජන පවා කඩා වැටීමේ අවදානමක් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය. 

මේ පනත් හරහා රජය සහ ජනාධිපතිවරයා උත්සහ කරන්නේ සිය ආරක්ෂාව තහවුරු කර ගැනීමට යැයි ද, මෙම ආඥාදායක ඒකාධිපති දරුණු වැඩ පිළිවෙළ වහාම හකුලා ගත යුතු යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට බල කර සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඒකාධිපතිත්වය තහවුරු කරන දරුණු Online පනත වහා හකුලා ගනු | Lanka Newsweek