අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එස් බී එක්ක ක්‍රිකට් පාලක මණ්ඩලයේ තිලංග කළ කුමන්ත්‍රණය අතේ මාට්ටු..!

තිලංග සුමතිපාලගේ බාල වැඩවලට පක්ෂ නායකයින්ගේ විරෝධය..!

ක්‍රිකට් පාලක මණ්ඩලය දේශපාලනයට යොදා ගන්නවා යැයි තිලංගට චෝදනා..! (සුමුදු පෙරේරා) ක්‍රිකට් පාලක මණ්ඩලය අව භාවිතය කරමින් එහි සභාපති තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්…

ක්‍රිකට් පාලක මණ්ඩලය දේශපාලනයට යොදා ගන්නවා යැයි තිලංගට චෝදනා..!

එස් බී එක්ක ක්‍රිකට් පාලක මණ්ඩලයේ තිලංග කළ කුමන්ත්‍රණය අතේ මාට්ටු..!  

(සුමුදු පෙරේරා)

ක්‍රිකට් පාලක මණ්ඩලය අව භාවිතය කරමින් එහි සභාපති  තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සමග සිය කාර්යාලයේ පුරා පැයකට අධික කාලයක් මුළුල්ලේ රහස් දේශපාලන සාකච්ඡාවක් සිදු කර තිබේ.

මේ බව හෙළිදරව් වූයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මීට සුළු මොහොතකට පෙර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට පැමිණ සිටි දෙස් විදෙස් ජනමාධ්‍යවේදීන් නිසාය.

දැන්වීම

ක්‍රිකට් පාලක මණ්ඩලයේ එවැනි ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (20) පැවැත් වෙන බව  නොදැන සිට ඇති තිලංග සුමතිපාල මහතා මේ සාකච්ඡාව සිදු කිරීම සඳහා සිය කාර්යාලයට පැමිණෙන ලෙසට එස් බී දිසානායක මහතාට කල් ඇතිව දැනුම් දී තිබිණ.

එම දැනුම් දීමට අනුව දහවල් 11.45 ට පමණ ක්‍රිකට් පාලක මණ්ඩලයේ, තිලංග සුමතිපාල මහතාගේ කාර්යාලයට පැමිණ ඇති එස් බී දිසානායක මහතා තිලංග සුමතිපාල මහතා සමග අදාළ සාකච්ඡාව ආරම්භ කර තිබේ.

පුරා පැයකටත් අධික කාලයක් මේ සාකච්ඡාව සිදු කර දහවල් 01.10 ට පමණ එළියට පැමිණෙන විට අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණ සිටි මාධ්‍යවේදීන් දැක තිලංග සුමතිපාල සහ එස් බී දිසානායක යන මහත්වරුන් මහත් කලබලයට පත්ව එම ස්ථානයෙන් වහාම විදුලි වේගයෙන් පිටව ගොස් තිබේ.

එස් බී දිසානායක සහ තිලංග සුමතිපාල යන මහත්වරුන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ එකට සිටිනවා දුටු මාධ්‍යවේදීන් එම අවස්ථාව උණුසුම් ප්‍රවෘත්තියක් වන නිසා  සිය කැමරාවලින් එම සිද්ධිය දිගට හරහට පටි ගත  ගත කිරීමට සහ ඡායාරුප ගත කිරීමට ක්‍රියා කර ඇත.     

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස තිලංග සුමතිපාල මහතා එහි තිබෙන සිය කාර්යාලය ඇතුළු සම්පත් සිය දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින් එම ආයතනය දේශපාලනීකරණය කරමින් සිටින  බවට මීට පෙර සිටම  චෝදනා එල්ල වී තිබුණු අතර ඊට හොඳම උදාහරණය  මාර්තු මස දෙවැනිදා රාත්‍රියේ  ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන් ද   සිය කාර්යාලයට කැඳවා  අගමැතිවරයා සහ ආණ්ඩුව මාරු කිරීමට අදාළව ඔහු විසින් මෙවැනිම තවත්  රහස් සාකච්ඡාවක් සිදු කිරීමය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එස් බී එක්ක ක්‍රිකට් පාලක මණ්ඩලයේ තිලංග කළ කුමන්ත්‍රණය අතේ මාට්ටු..! | Lanka Newsweek