අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එල්. බී. ෆිනැන්ස් සීසර්ලා මාට්ටු

එල්. බී. ෆිනැන්ස් සීසර්ලා මාට්ටු

බොරලැස්ගමුව පොලිස් බල ප්‍රදේශයට අයත් ගංගොඩවිල විජේරාම ප්‍රදේශයේදී ගරාජයක අලුත් වැඩියා කටයුත්තක් සදහා වාහන හිමිකරු විසින් ගරාජයට භාර දී තිබූ වාහන දෙකක් එල්. බී. ෆිනැන්ස් සමාගමට අයත් සීසර්ලා කිහිප…

බොරලැස්ගමුව පොලිස් බල ප්‍රදේශයට අයත් ගංගොඩවිල විජේරාම ප්‍රදේශයේදී ගරාජයක අලුත් වැඩියා කටයුත්තක් සදහා වාහන හිමිකරු විසින් ගරාජයට භාර දී තිබූ වාහන දෙකක් එල්. බී. ෆිනැන්ස් සමාගමට අයත් සීසර්ලා කිහිප දෙනෙකු විසින් රැගෙන ගොස් ඇත. 

ඒ සඳහා ඔවුන් විසින් බොරලැස්ගමුව පොලිස් ස්ථානය දැණුවත්කර  පැමිණිල්ලක් යෙදු බව සඳහන් කරමින් පොලිස් පැමිණිල්ලේ පිටපතක් සහ එල්. බී. ෆිනැනස් සමගමේ  ලිපියක් ගරාජ්  හිමිකරුට පෙන්වා ඇත.

වාහනයේ හිමිකරු විසින් තම වාහනය බලහත්කාරයෙන් රැගෙන යාම සම්බන්ධයෙන් බොරලැස්ගමුවම පොලිසියට ලැබුණ පැමිණිල්ලක් අනුව සිදු කරන ලද විමර්ශණයේදි  අනාවරණය වී ඇත්තේ මෙම සීසර්ලා විසින් පොලිසියට පැමිණිල්ලක් කරන බව සඳහන් ලිපිය ඔවුන් විසින් සකස් කළ ව්‍යජ ලේඛණයක් බවය.  

දැන්වීම

මෙම නිසා බොරලැස්ගමුවම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කූට ලේඛන සකස් කිරීමේ චෝදනාව සහ වාහන බලහත්කාරයෙන් පැහැර ගෙන යාම සම්බන්ධයෙන් නුගේගොඩ අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

නුගේගොඩ මහේස්ත්‍රාත් උසාවිය,  නඩු අංකය B 31493/2 යටතේ පවරා තිබු කරුණු සැලකිල්ලට ගනිමින්, නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් අංක:-225 රජ මහා විහාර පාර මිරිහාන කෝට්ටේ යන ලිපිනයේ පදිංචි සීසර්වරුන් වන රනේපුර හේවගේ සහ අජිත් පුෂ්පකුමාර ද,  අංක:-231 කැම්පස් පාර රත්තනපිටිය බොරලැස්ගමුව පදිංචි හෙට්ටිආරච්චිගේ දොන් හරුණ පුෂ්ප වර්ණ ද යන අයවලුන්ව දින 14ක කාලයක් සදහා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.

දැනට රටේ පවතින නීතිය අනුව යම්කිසි ෆිනැනස් සමාගමකට හිතුමතේ පැමිණ සීසර්ලා මාර්ගයෙන් වාහන හිමිකරුගෙන් නීති විරෝධි ලෙස  බලහත්කාරයෙන් පැහැර ගෙන යෑමට කිසිදු නීත්‍යණුකූල අයිතියක් නැත. යම් වාරික ගෙවීමක් පැහැර හැර ඇති අවස්ථාවක  නීත්‍යානුකූලව කටයුතු සිදු කර  අදාළ පොලිස් ස්ථානයට පැමිණිල්ල යොමු කර  පොලිස් නිල ධාරීන් සමඟ පැමිණ වාහන රැගෙන යා යුතු බවට නියෝගයක් නිකුත් කර ඇත. නොඑසේ නම් ඔහු විසින් අධිකරණයට කරුණු වාර්තා කර, අධිකරණය නියෝගයක් මගින් එසේ වාහන පවරා ගැනීමක් සිදු කළ හැක. 

වර්තමානයේ ආර්ථික අපහසුතා නිසා බොහෝ වාහන හිමියන්ට නියමිත පරිදි ෆිනැන්ස් වාරික නියමිත පරිදි සිදු කිරීම අමාරු කාර්යයක් වුවද, ෆිනැන්ස් සමාගම් විසින් ඔවුන්ට කිසිදු සහනයක් ලබා දීමට කටයුතු නොකරයි. රජය විසින් පොළී අනුපාතයන් අඩු කරද, කිසිදු ෆිනෑන්ස් සමාගමක් ඔවුන්ගේ පොළී අනුපාතයන් අඩු කර නැත. 

ඔවුන් මහා ජනතාව තවමත් සුරා කමින් සිටියි. යම් සීසර්වරයෙකුට බලහත්කාරයෙන් වාහනයක් රැගෙන යෑමට උත්සාහ කිරීමේදී ඔහුට විරුද්ධව තම දේපොළ සහ ජීවිතය ආරක්ෂා ගැනිම උදෙසා ඔවුන්ගේ මරණය සිදු කිරීම දක්වාම බලය පාවිච්චි කිරීමට වාහන හිමිකරුට නීත්‍යානුකූලව බලයක් ඇත.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
එල්. බී. ෆිනැන්ස් සීසර්ලා මාට්ටු | Lanka Newsweek