අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එල්නීනෝ - ලානීනා තත්ත්වයට මුහුණ දීමට නම් රටක් ලෙස පූර්ව සූදානමක් තිබිය යුතුයි

එල්නීනෝ - ලානීනා තත්ත්වයට මුහුණ දීමට නම් රටක් ලෙස පූර්ව සූදානමක් තිබිය යුතුයි

- විපක්ෂ නායක - රටක් ලෙස දැවැන්ත අභියෝග ගණනවකට මුහුණ දෙන බවත් පසුගිය වසර හතේ පාස්කු ප්‍රහාරයේ සිට ඉරාන යුද්ධය දක්වා ඛේදවාචක පහකට මුහුණ දුන් බවත් විවිධ පරිසර වේදින් හා දේශගුණික විපර්යස පිළිබඳ…

 - විපක්ෂ නායක - 

රටක් ලෙස දැවැන්ත අභියෝග ගණනවකට මුහුණ දෙන බවත් පසුගිය වසර හතේ පාස්කු ප්‍රහාරයේ සිට ඉරාන යුද්ධය දක්වා ඛේදවාචක පහකට මුහුණ දුන් බවත් විවිධ පරිසර වේදින් හා දේශගුණික විපර්යස පිළිබඳ විශේෂඥයන්ට අනුව හයවැනි අභියෝගයට පවා මුහුණ දෙන්න සිදුවන නිසා තමා සහ මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම මහතා සම සභාපතීත්වය දරන දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය පවා මේ ගැන සොය බලන බවත් එල්නීනෝ ලානීනා තත්ත්වය මෙවර අතිශය දරුණු ලෙස ප්‍රබල ලෙස බලපෑම් කරන බවත් ප්‍රංශය ග්‍රීසිය වැනි රටවල වනාන්තර ගිනිහට ගැනීම් සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ තල්පේ පත්තුව ඇතුළු මාතර හම්බන්තොට දෙදිසාවේ උපප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබු අතිපූජ්‍ය සපුගස්යායේ ධර්මපාල ස්වාමීන් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රධානය කිරීමේ අවස්ථාව හා එක්වෙමිනි.

මේ එල්නීනෝ ලානීනා තත්ත්වය නිසා දැඩි කාලගුණ තත්ත්වයක් මත දැඩි නියගයත් පසුව දැඩි වර්ෂාවත් ආදිය සිදුවන බවත් මේ කාලගුණ දේශගුණ තත්ත්වයන් තුළ කෙටි කාලයක් තුළ අන්ත දෙකක් ක්‍රියාත්මක බවත් මේවා වුනත් නැතත් අප රටක් ලෙස මේවාට පුර්ව සුදානමක් තිබිය යුතු බවත් ආපදා කළමනාකරණ ව්‍යුහය වෙනස් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැන්වීම

ආපදාවලට ඔරොත්තු දෙන රටක් නිර්මාණය කළ යුතුයි

ආපදාවලට ප්‍රතිචාර දැක්වීමේ වැඩපිළිවෙළට අමතරව ඉන්දියාවේ ඔඩ්සා ප්‍රාන්තයෙන් පාඩම් ඉගෙන ගෙන ආපදාවලට ප්‍රතිචාර දක්වනවා වෙනුවට නව ආපදා කළමනාකරණ ව්‍යුහයක් රටට අවශ්‍ය බවත් මේ සඳහා නව වැඩපිළිවෙළක් නව ආයතන පවා අවශ්‍ය බවත් නිතර නිතර උද්ගත වනා ආපදාවලට ඔරොත්තු දෙන රටක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි සුනාමියෙන්වත් පාඩම් ⁣ඉගෙන ගත්තේ නැ

40000කට ජිවිත අහිමි කළ සුනාමිය 2004 වසරේ අපට බලපැම් කළ පසුත් අප රටේ නුතනවාදි ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් කරා යන්න නොහැකි වී ඇති බවත් මේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය රාජ්‍ය, රාජ්‍ය නොවන, සිවිල් පරපුර ආදි සැම පාර්ශ්වයක්ම එකට එකතු වී නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ජාති භේදයෙන් තොරව සම්බුද්ධ ශාසනය සුරක්ෂා කළ යුතුයි

ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව සම්බුදු ශාසනය සුරක්ෂා කිරීම අපේ වගකීම බවත් ඊට අමතරව සෙසු ආගම් ජාති ආදි සැම කණ්ඩායමකගේම ආරක්ෂාව ගැන අවධානය යොමුවිය යුතු බවත් සම්බුද්ධ ශාසනය පෝෂණය කරන්න සැම දෙනාම බැදී ඇති බවත් එය රජයේ වගකීම බවත් ඊට අමතර සෙසු ආගම් ජාති ආරක්ෂා කර අනන්‍යතාව රැකගැනීම ද සිදු කළ යුතු බවත් මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විදේශ බලපෑම්වලින් රට සුරක්ෂා කළ යුතුයි

බංකොලොත් රටට විදේශීය සංවිධාන රටට බලපැම් කරන්න සුදානම් බවත් ජාත්‍යන්තර මුල්‍ය ආයතන බහුජාතික සමාගම් පවා මේ උත්සාහ දරන නිසා රටක් ලෙස එකට එක්ව මුහුණ දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය .

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න