අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එල්ඊඩී බල්බ මිලියන 6 ක් සහන මිලට

එල්ඊඩී බල්බ මිලියන 6 ක් සහන මිලට

අඩු ආදායම් ලාභී පවුල් ඉලක්ක කරගනිමින් වොට් 9 බැගින් වු එල්. ඊ. ඩී බල්බ මිලියන 6 ක් සහන මිලට ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය. මෙම…

අඩු ආදායම් ලාභී පවුල් ඉලක්ක කරගනිමින්  වොට් 9 බැගින් වු එල්. ඊ. ඩී බල්බ මිලියන 6 ක් සහන මිලට ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය  අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

මෙම වැඩපිළිවෙළ යටතේ පාරිභෝගිකයන් ලක්ෂ 28 කට පමණ විදුලිබල මණ්ඩලය සහ ලෙකෝ ආයතනය මගින්  ඉහළම ගුණාත්මක  භාවයකින් යුතු  එල්. ඊ. ඩී බල්බ ලබාදීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ සඳහා අවශ්‍ය ටෙන්ඩර්  කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවත් ඒ අනුව ඊළඟ මාස කිහිපයේ දී මෙම එල්. ඊ. ඩී බල්බ බෙදාහැරීමට පියවර ගන්නා බවත් ඔහු පැවසීය.

එල්. ඊ. ඩී බල්බ භාවිතය වැඩිකිරිම සහ ඒ තුළින් විදුලිය කාර්යක්ෂමතාවයක් ඇති කිරීම මෙම වැඩපිළිවෙළ හි අරමුණ වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එල්ඊඩී බල්බ මිලියන 6 ක් සහන මිලට | Lanka Newsweek