එන්නත්කරණය කරන්නේ වෛද්‍ය බලකායේ පළපුරුදු අය

ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා කියා සිටියේ එන්නත්කරණය කරන්නේ වෛද්‍ය බලකායේ ඉතාමත් පළපුරුදු අයවලුන් බවය.එහිදී ඔහු වැඩි දුරටත්…
ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා කියා සිටියේ එන්නත්කරණය කරන්නේ වෛද්‍ය බලකායේ ඉතාමත් පළපුරුදු අයවලුන් බවය.එහිදී ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.
"අපේ සමාජයේ ඉන්නවා මොන තරම් හොඳ දෙයක් කරත් ඒක වැරදි විදියට දකින පුද්ගලයෝ ඉන්නවා. ඉතින් ඒ අයගෙන් විවේචන ආවා මේ එන්නත්කරණය කරන්න දන්නේ නැති අයවලුන් එන්නත්කරණය කරනවා කියලා. රටේ ආරක්ෂක ලේකම්වරයා විදියට මම බොහොම වගකීමෙන් කියනවා අපි මේ එන්නත්කරණය සඳහා කාලතුවක්කු රෙජිමේන්තුව වගේ රෙජිමේන්තු පාවිච්චි කළේ නෑ. අපි මේ සඳහා යෙදව්වේ සම්පුර්ණයෙන්ම වෛද්‍ය බලකායේ ඉතාමත් පළපුරුද්දක් තියෙන පුරුදු පුහුණු වූ අයවලුන් . සෞඛ්‍ය අංශ වලට තනියම මේක පාලනය කරගන්න බැරි වෙලාවේ ජීවිත බේරගන්න තමයි හමුදාව ඉදිරියට අවේ."