අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එ.ජා මානව හිමිකම් කොමසාරිස් ධූරය මිචෙල් බැච්ලේට...!

එ.ජා මානව හිමිකම් කොමසාරිස් ධූරය මිචෙල් බැච්ලේට...!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නව කොමසාරිස්වරිය ලෙස චිලි රාජ්‍යයේ හිටපු ජනාධිපතිනි මිචෙල් බැච්ලේ පත් කිරීමට එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එක්සත්…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නව කොමසාරිස්වරිය ලෙස චිලි රාජ්‍යයේ හිටපු ජනාධිපතිනි මිචෙල් බැච්ලේ පත් කිරීමට එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ලෙස කටයුතු කළ සෙයිද් රාද් අල් හුසෙන්ගේ නිල කාලය අවසන් වීමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා ඇය පත් කර ඇති බවයි.

66 වන වියෙහි පසුවන මිචෙල් බච්ලේ චිලි රාජයේ ජනාධිපති ධූරයට පත් වූ පළමු කාන්තාව බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එ.ජා මානව හිමිකම් කොමසාරිස් ධූරය මිචෙල් බැච්ලේට...! | Lanka Newsweek