අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාප 75 වැනි සංවත්සරයේ ප්‍රචාරක කටයුතු සජබයට

එජාප 75 වැනි සංවත්සරයේ ප්‍රචාරක කටයුතු සජබයට

සජිත් වාදියෙකු වන සාලිය වීරසේකරට කොන්ත්‍රාත්තුව දී තිබෙන්නේ සාගල රනිල්ට එරෙහිව සාගල සජිත් එක්ක කුමන්ත්‍රණයක ද..? "සිරිකොත" තරුණ තරුණියෝ ප්‍රශ්න කරති එජාප නව නිලධාරීන්ට සාලිය වීරසේකර විරුද්ධයි (සුජිත්…

සජිත් වාදියෙකු වන සාලිය වීරසේකරට කොන්ත්‍රාත්තුව දී තිබෙන්නේ සාගල 

රනිල්ට එරෙහිව සාගල සජිත් එක්ක කුමන්ත්‍රණයක ද..?

"සිරිකොත" තරුණ තරුණියෝ ප්‍රශ්න කරති 

එජාප නව නිලධාරීන්ට සාලිය වීරසේකර විරුද්ධයි 

එජාප 75 වැනි සංවත්සරයේ ප්‍රචාරක කටයුතු සජබයට

(සුජිත් මංගල ද සිල්වා)  


2021 සැප්තැම්බර් 06 වැනිදාට යෙදී තිබෙන එක්සත් ජාතික පක්ෂයේ 75 වැනි සංවත්සරයේ සියලු ප්‍රචාරක කටයුතු ලබා දී තිබෙන්නේ විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උග්‍ර හිතවාදියෙකුට බව "සිරිකොත" අභ්‍යන්තර ආරංචි මාර්ග "lankanewsweek" වෙත අනාවරණය කර සිටියි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධ උග්‍ර සජිත් ප්‍රේමදාස වාදියෙකු වන "Ants Work" පුද්ගලික ප්‍රචාරක සහ දැන්වීම්කරණ ආයතනයට සහ එහි ප්‍රධානියා වන සාලිය වීරසේකර මහතා වෙත රුපියල් දස ලක්ෂයකට පමණ මුදලකට මෙම කොන්ත්‍රාත්තුව ලබා දී තිබෙන්නේ සාගල රත්නායක මහතය.

දැන්වීම

"Ants Work" පුද්ගලික සමාගමේ ප්‍රධානී සාලිය වීරසේකර මහතාගේ දේශපාලන ස්ථාවරය වී තිබෙන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ අනුශාසක ලෙස ක්‍රියා කරමින් පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී පක්ෂයේ නියෝජ්‍ය නායකයින් ලෙස පාඨලී චම්පික රණවක සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් පත් කළ යුතු බවය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන සහ උපනායක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් දැඩි ලෙස විවේචනය කරමින් සාලිය වීරසේකර මහතා සිය සමීපතමයින් සමග නිතර කියා සිටින්නේ ජනතාව ප්‍රතික්ෂේප කරන එම කණ්ඩායම එක්ක එක්සත් ජාතික පක්ෂයට කවදාවත් අනාගතයක් නොමැති බවය. 

මේ සියලු කරුණු කාරණා තව දුරටත් හෙළිදරව් කරමින් "සිරිකොත" අභ්‍යන්තර ආරංචි මාර්ග "lankanewsweek" සමග කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහ පක්ෂයේ නව නිලධාරී මණ්ඩලයට එරෙහිව සාගල රත්නායක මහතා, සජිත් ප්‍රේමදාස වාදීන් සමග කුමන්ත්‍රණයක යෙදී සිටිනවා ද යන ප්‍රශ්නය මතු වන බවය. 

    එජාප 75 වැනි සංවත්සරයේ ප්‍රචාරක කටයුතු සජබයට

එජාප 75 වැනි සංවත්සරයේ ප්‍රචාරක කටයුතු සජබයට

එජාප 75 වැනි සංවත්සරයේ ප්‍රචාරක කටයුතු සජබයට

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එජාප 75 වැනි සංවත්සරයේ ප්‍රචාරක කටයුතු සජබයට | Lanka Newsweek