එජාප හිටපු මහා ලේකම්වරු කඳවුරු බඳිති..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

සිරිසේන කුරේ යළි කරළියේ..! රුක්මන් සේනානායකගේ සහයත් තිස්ස අත්තනායකට..! ආනන්ද සංගරිත් ඒ අතර..! එස්.සතාසිවම් ද එක් වෙයි..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක සහ එම…
සිරිසේන කුරේ යළි කරළියේ..!
රුක්මන් සේනානායකගේ සහයත් තිස්ස අත්තනායකට..!
ආනන්ද සංගරිත් ඒ අතර..!
එස්.සතාසිවම් ද එක් වෙයි..!
(සුජිත් මංගල ද සිල්වා)
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක සහ එම පක්ෂයේ පුරෝගාමී මහා ලේකම්වරයා වූ සිරිසේන කුරේ යන මහත්වරුන් අතර අතිශය විශේෂ සහ තීරණාත්මක හමුවක් අද (12) උදැසන කොළඹ අලුත්කඩේ පිහිටි රණසිංහ ප්‍රේමදාස කේන්ද්‍රයේදී සිදු විය.
තිස්ස අත්තනායක මහතාගේ අලුත් දේශපාලන පක්ෂයට සිය පූර්ණ සහයෝගය,ආශීර්වාදය සහ අනුග්‍රහය ලබා දෙන බවට එහිදී සහතික වූ සිරිසේන කුරේ මහතා එම දේශපාලන ව්‍යාපාරය සංවිධානය කරමින් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සියලු උපදෙස් සිය අත්දැකීම් අනුව ඕනෑම අවස්ථාවකදී ලබාදීමට ඒ එකඟ විය.
නව ජාතික සහ ජනතාවාදී දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය රට-ජනතාව හමුවේ මේ වන විට බරපතළ ලෙස මතුව ඇතැයි ද එහිදී පෙන්වා දුන් සිරිසේන කුරේ මහතා එක්සත් ජාතික පක්ෂයට අත්ව තිබෙන දේශපාලන ඉරණම ගැන තමා කණගාටු වන බව ද සඳහන් කළේය.
රටේ වත්මන් දේශපාලන තත්ත්වය,එක්සත් ජාතික පක්ෂය,එහි අනාගතය සහ පාක්ෂිකයින් පත්ව සිටින අන්ත අසරණ තත්ත්වය වගේම පක්ෂය වෙනුවෙන් දර දිය ඇද්ද තරුණ තරුණියන් ඇතුළු ක්‍රියාකාරීන් නොසලකා හැරීම ඇතුළු කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් ද දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණ.
මේ අතර තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති රුක්මන් සේනානායක මහතා ද මීට දින ගණනාවකට පෙර හමු වී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇත.තිස්ස අත්තනායක මහතාගේ අලුත් දේශපාලන පක්ෂයට සිය පූර්ණ සහයෝගය ලබා දීමට එහිදී රුක්මන් සේනානායක මහතා ද එකඟතාවය පළ කර තිබේ.
මීට අමතර තිස්ස අත්තනායක මහතා සහ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා අතර ද විශේෂ සාකච්ඡාවක් සඳුදා (10) කොළඹදී පැවැත්විණ.එහිදී සිය නායකත්වයෙන් යුතු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේත් තමා නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතා පෙරමුණේත් සහයෝගය මේ අලුත් දේශපාලන ව්‍යාපාරයට ලබා දීමට ආනන්ද සංගරී මහතා එකඟ වී ඇත.
වතුකරයේ දෙමළ ජනතාව නියෝජනය කරන ද්‍රවිඩ දේශපාලන නායකයෙකු වන එස්.සතාසිවම් මහතා ද තිස්ස අත්තනායක මහතා හමුවී ඇති අතර වතිකරයේ ද්‍රවිඩ ජනතාගේ සහයෝගය ලබා ගැනීමට සිය සහයෝගය ලබා දෙන බවට ඔහු ද එකඟතාවය පළ කර තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2