එජාප සභාපති ධූරයට ලක්ෂ්මන් කිරිඇල්ල..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ එම පක්ෂයේ සභාපති ධූරය සඳහා සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ මහ මාර්ග අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන්ගේ නම් යෝජනා වී තිබේ. මේ නාම…
(සුජිත් මංගල ද සිල්වා)
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ එම පක්ෂයේ සභාපති ධූරය සඳහා සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ මහ මාර්ග අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන්ගේ නම් යෝජනා වී තිබේ.
මේ නාම යෝජනා අතරින් එක්සත් ජාතික පක්ෂයේ බහුතරයේ සහයෝගය මේ වන විට හිමි වී තිබෙන්නේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් තිස් දෙනකුගේ සහයෝගය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට හිමිව ඇති අතර පක්ෂයේ සභාපති ධූරයට වඩාත්ම සුදුසු පුද්ගලයා ඔහු බව එම මන්ත්‍රී කණ්ඩායමේ ස්ථාවරය වී තිබේ.
ඊට හේතුව ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ජ්‍යෙෂ්ඨත්වය,සිංහල බෞද්ධ පදනම,සභානායකවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත්,එක්සත් ජාතික පක්ෂයත්,ආණ්ඩුවත් වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව පාර්ලිමේන්තුවේ ගෙන යන සටන වගේම ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී මහ නුවර දිස්ත්‍රික්කය දිනවා දීම ඇතුළු කරුණු කරණා බව එම මන්ත්‍රීවරු පෙන්වා දෙති.
එමෙන්ම ජ්‍යෙෂ්ඨයකු ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සියලු දෙනා සමග සමීපව කටයුතු කරන නිසා ඔහුට පක්ෂයේ සියලු පාර්ශවයන් එකට ඒකරාශී කළ හැකි යැයි ද පෙන්වා දෙන එම මන්ත්‍රීවරු විශේෂයෙන්ම ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඕනෑම අවස්ථාවක හමු වී ඕනෑම කරුණක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකි තත්ත්වයක් තිබෙන බව ද ඕනෑම අවස්ථවක ඔහු දුරකතනයෙන් පවා සම්බන්ධ කර ගැනීමට හැකි යැයි ද වැඩි දුරටත් අවධාරණය කර සිටිති.
ජනතා පදනමක් නොමැති,හමුවීමට තබා දුරකථනයෙන්වත් සම්බන්ධ කර ගත නොහැකි,පක්ෂිකින්ගේ අවශ්‍යතා සහ හද ගැස්ම නොහඳුනන තෝරා ගත් කල්ලියක් එක්ක පමණක් ගනු දෙනු කරන නිලධාරීන් තව දුරටත් එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය නොවන බව අවධාරණය කළ කොළඹ සේදවත්ත පුරාණ රජ මහා විහාරාධිපති,ජාතික යොවුන් පෙරමුණේ උපදේශක,එක්සත් භික්ෂූ පෙරමුණේ සහ ජාතික විද්වත් සභාවේ ජාතික සංවිධායක අඹන්පොල ඥානාලෝක නා හිමියෝ පක්ෂයේ සභාපති ධූරයට වඩාත්ම සුදුස්ස ලක්ෂ්මන් කිරිඇල්ල මහතා බව ද කියා සිටියහ.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්කමට නුසුදුසු කබීර් හෂීම් මහතා පක්ෂයේ සභාපතිකමට සුදුසු වන්නේ කෙසේදැයි ද අඹන්පොල ඥානාලෝක නා හිමියෝ ප්‍රශ්න කළහ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1